වැරදි මිලදී ගැනීම් නිසා තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 90ක පාඩුවක්

නුසුදුසු බොරතෙල් තොග මිලදී ගැනීම සහ වැරදි මිලකරණ ක්‍රමවේදය යටතේ ඉන්ධන තොග මිලදී ගැනීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉකුත් මාර්තු සිට සැප්තැම්බර් දක්වා මාස 6 කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදලක් අහිමි වී ඇතැයි රජයට ඉදිරිපත් කර ඇති නවතම විශ්ලේෂණ වාර්තාව පෙන්වා ඇතැයි ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදලින් ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන නෞකා දෙකක් මිලදී ගැනීමට හැකියාව තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

පසුගිය මාස 6 ක කාලයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිලදී ගත් බොරතෙල් සහ ඉන්ධන තොග පිළිබඳ මෙම විශ්ලේෂණය සිදු කර ඇත.

එහිදී රජයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු කිරීම සම්බන්ධයෙන් එක් සමාගමක් සදාකාලිකවම අසාදු ලේඛන ගත කිරීමට එම වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

එම සමාගමේ නිල නොවන නියෝජිතයකුට රහසිගත රැස්වීමක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආරාධනා කර ඇති බවත් වෙනත් කිසිදු සැපයුම්කරුවකුට එසේ ආරාධනා කර නොමැති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

අනෙකුත් සැපයුම්කරුවන්ගේ නෞකා ඉන්ධන නිදහස් කිරීමට වාරයෙන් පිටත රැඳී සිටියදී,මෙම විශේෂිත සමාගමේ නැව් පැමිණ ඇත්තේ අනෙක් සැපයුම්කරුවන්ට සම්පූර්ණයෙන් මුදල් ගෙවා ඔවුන්ගේ ඉන්ධන ලබා ගෙන එම නෞකා පිටත්වීම ආරම්භ කිරීමෙන් පසුව බව එම විශ්ලේෂණයේදී අනාවරණය වී ඇත.

ගුවන් යානා ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම සමාගමට පූර්ණ අයිතිය ලබා දී ඇති අතර අනෙක් සැපයුම්කරුවන්ට මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී නොමැති බව විශ්ලේෂණ වාර්තාවේ සඳහන් වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා ඉන්ධන සැපයීමට දෙවැනි සැපයුම්කරුවකු ඇතුළත් කර ගැනීමත් සමග තත්ත්වය වෙනස් වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

විවිධ ඇමතිවරු මාධ්‍ය ඉදිරියට පැමිණ පවසන්නේ තෙල් සංස්ථාවේ සේවකයන්ගේ අකාර්යක්ෂකම සංස්ථාව පාඩු ලැබීමට හේතුවන බවයි. නමුත් මෙවැනි කරුණු හරහා එහි සැබෑ හේතුව හෙළිවේ. එසේම මෙවැනි දෙයකට බලශක්ති ඇමතිවරයාගේ සිට සියලු දෙනා මේ සඳහා වගකිව යුතු වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...