ධම්මික පැණිය රෝගීන්ට ලබාදීමට නුසුදුසුයි – සායනික වාර්තාවකින් හෙළිවෙයි

ධම්මික බණ්ඩාර නැමැත්තෙකු විසින් සකස් කළ ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨය විසින් සිදුකල සායනික පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබේ.

ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන් 68 දෙනෙකුට එම පැණිය ලබාදී නිරීක්ෂණය කර ඇත. එහෙත් කොවිඩ් රෝගීන්ට සුව වීමක් දක්නට නොලැබුණු බවයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ වෛද්‍ය සේනක පිලිපිටිය ප්‍රකාශ කර ඇත.

නමුත් මෙම සායනික වාර්තාව මෙතෙක් කලක් ප්‍රමාද වීමට හේතුව කුමක්ද යන්න ගැටලුවකි. මීට මාස කිහිපයකට පෙර විශාල කතා බහක් ඇතිවෙමින් තිබුණු මෙවැනි දෙයක් පිළිබඳ ප්‍රමාද වී පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීම ගැන සැක මතුවේ.වතුපිටිවෙල මුලික රෝහලේ කොවිඩ් රෝගීන්ට ලබාදීමේදී 100% ප්‍රථිපල ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මිට පෙර නිවේදනය කර තිබුණි. එපමණක් නොව සෞඛ්‍ය ඇමතිවරිය විසින් ප්‍රසිද්ධියේ මෙම පැණිය පානය කරමින් මෙය අනියමින් ජනතාවට නිර්දේශ කරන ලදී.

සියලු පරීක්ෂණ වාර්තා රජරට විශ්වවිද්‍යාලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ විද්වත් කමිටුවට යොමු කර ඇත.

විද්වත් කමිටුවට පසුගිය බදාදා (28) රැස්වී මේ පිලිබඳව අධ්‍යනය කර ඇති අතර එය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නුසුදුසු බව අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් විද්වත් කමිටු නිර්දේශය රජරට විශ්ව විද්‍යාලයට යොමු කිරීමෙන් පසු ස්ථිර වාර්තාවක් ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිතය.

කොවිඩ් රෝගීන් 100%ක් සුවවන බවට ප්‍රකාශ කරමින් සකස් කරන ලද මෙම පැණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල ජන කොට්ඨාශයක් ලබාගැනීමත් සමග සායනික පරීක්ෂණයක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් මෙම පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සුත්‍ර කමිටුවද අනුමැතිය ලබාදී ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...