ළමා දිනයේ ඇහෙන ‘සුරංගනා කතා’

Date:

අද ලෝක ළමා දිනය. අද වෙනකොට රටක් ලෙස මුහුණ දෙමින් සිටින අර්බුදයේ වැඩිම වන්දිය ගෙවමින් සිටින්නේ රටේ දරු පරපුරයි. නමුත් පාලකයන්ට නම් එහෙම ප්‍රශ්නයක් ගැන දැනිලාවත් නැති බව පැහැදිලියි. ඔවුන් අද වගේ දවසකදී කියපු සුරංගනා කතාවලින් ඒ බව හොඳට පැහැදිලි වෙනවා.

රටේ සියලූම දරුවන් නිසි කැලරි ප්‍රමාණය අඩංගු සමබල ආහාර වේලක් ලබාගන්නා බව සහතික කිරීම, රාජ්‍ය නායකයා වශයෙන් තම යුතුකම බව 134 දෙනෙකුගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.

රටේ දරු පරපුරට පෝෂණයත්, අනාගත දරු පරපුරට දියුණු සංවර්ධිත රටක් නිර්මාණය කර දීමත් මේ මොහොතේ තම මෙහෙවර බවද ඔහු පවසා ඇත.

මේ අතර රටේ සෞඛ්‍ය ඇමතිවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ මෙවැනි අදහසක්.

“යම් යම් පුද්ගලයන් ප්‍රකාශ කරන ආකාරයේ ඉහළ මන්දපෝෂණ තත්වයක් රටේ තවමත් නැහැ.”

ආහාර උද්ධමනය හේතුවෙන් පවුලක ආහාර ගැනීමේ රටාවේ වෙනස්කම් ඇතිවී තිබෙන්නේ යැයි පිළිගන්නා බව සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි නරක ප්‍රතිඵල වර්තමානයේ නොව ඉදිරියට පැමිණිය හැකි බවද ප්‍රකාශ කරයි.

ඉදිරියට එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද සඳහන් කර තිබේ. ක්‍රියාමාර්ග මොනවාද යන්න ඇමතිවරයා සඳහන් කර නැත.

මෑතකදී ශ්‍රී ලංකාවේ UNICEF හි ප්‍රකාශක බිස්මාර්ක් ස්වන්ජින් කළ ප්‍රකාශයකින් දැක්වූයේ දකුණු ආසියාවේ ළමා මන්දපෝෂණ අනුපාතය ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළම තැනක සිටින අතර, වත්මන් ආර්ථික අර්බුදය ළමා මන්දපෝෂණ අර්බුදය තවත් උග්‍ර කිරීමට පමණක් හේතු වී ඇති බවය. එසේම යුනිසෙෆ් සංවිධානයට අනුව, රටේ පවුල් 10න් 7ක්ම ඔවුන්ගේ ආහාර පරිභෝජනය මේ වනවිට අඩුකර තිබෙන බවද ස්වෙන්ජින් පැවසීය. ඒ අනුව වේල් තුනක් ගත් අය එය දෙක දක්වා අඩුකර ඇති අතර වේල් දෙකක් ගත් අය එය එකකට සීමාකර ඇති බව ස්වන්ජි පෙන්වා දෙයි.

ඔහු පෙන්වා දී තිබුණේ රටේ ආර්ථික අර්බුදය දරුවන් අතර අර්බුදයක් බවට පත්ව ඇති අතර මෙරට දරුවන් මිලියන 1.7ක් මේ නිසා පීඩාවට පත්ව ඇති බවය. යුනිසෙෆ් සංවිධානය මෑතදී ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 1.7ක් සඳහා මානුෂීය ආධාර ලබාදීම සඳහා ඩොලර් මිලියන 25ක පරිත්‍යාග සඳහා ආයාචනයක් කරන ලද අතර, මන්දපෝෂණය හා සම්බන්ධ හේතූන් නිසා මියයාමේ අවදානමක් පවතින බවටද අනතුරු අඟවා තිබුණි.

ගුණාත්මක ආහාර අවශ්‍ය පරිදි නොලැබීම හේතුවෙන් උග්‍ර මන්දපෝෂණය සහිත වයස අවුරුදු 5ට අඩු ළමුන් ඉහළම අනුපාතයක් සහිත දකුණු ආසියාවේ රටවල් අතරින් දෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමි බවටද, ගෝලීය ළමා මන්දපෝෂණ දර්ශකයේ 6 වැනි ස්ථානයට රට පත්ව ඇති අතර අවම වශයෙන් රටේ දරුවන්ගේන් 17%ක් මරණීය අවදානමක් පවා ඇති නිදන්ගත කෘෂවීම නිසා ඇතිවන අබල දුබල බවින් පීඩා විඳින බවද මෙහිදී පෙන්වා දී තිබුණි.

මේ අතර ලෝක ආහාර වැඩසටහන පවසා ඇත්තේද, රටපුරා ආහාර මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් බොහෝ දෙනා විවිධත්වයෙන් අඩු ආහාර පරිභෝජනයට නැඹුරුව ඇති බවයි. ඉදිරියේදී මෙම තත්ත්වය තවත් අයහපත් තත්ත්වයට පත්විය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...