දිලිත් ව්‍යායාම උපකරණ බඩු කඩයක් දමා දින 4 කට පසු ව්‍යායාම මධ්‍යස්ථාන 500කට කැබිනට් අනුමැතිය

රටේ තෝරාගත් ස්ථානවල කන්ටේනර් බහාලුම් භාවිතයෙන් එළිමහන් ව්‍යායාම හා යෝග්‍යතා මධ්‍යස්ථාන 500 ක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ඊයේ දින වාර්තා විය.

ඒත් සමඟම ආණ්ඩුව සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් සහිත දිලිත් ජයවීරට අයත් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් GS ස්පෝර්ට්ස් නමින් ක්‍රීඩා හා ව්‍යායාම උපකරණ වෙළඳසැලක් පසුගිය 30 වනදා ආරම්භ කර තිබීම ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවාදයක් මතුව තිබේ. මෙම ව්‍යාපාරික ස්ථානය විවෘත කර තිබුණේ ද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසිනි.

නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුව ‘අපි ජය ගනිමු’ යන තේමාව යටතේ කන්ටේනර් බහාලුම් භාවිතයෙන් මෙම එළිමහන් ව්‍යායාම ශාලා 500 දිවයින පුරා ඉදිකිරීමට නියමිතයි.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 625 කි. මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ වෙත පැවරෙන අතර අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු එක් මධ්‍යස්ථානයක් සඳහා බඳවා ගැනීමටද නියමිතයි.

නාමල් රාජපක්ෂගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කර සිටියේ රටක වසංගතයක් පැතිරෙමින් තිබෙන මොහොතක එළිමහන් ව්‍යායාම මධ්‍යස්ථාන ඉදිකිරීමට වඩා ප්‍රමුඛ කොට සැළකිය යුතු කරුණු ඇති බවයි. විශේෂයෙන් මේ මොහොතේ සෞඛ්‍ය පහසුකම් වැඩිකිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස විය. ඒත් සමඟම දිලිත් ජයවීරට අයත් ක්‍රීඩා හා ව්‍යායාම උපකරණ වෙළඳසැලක් විවෘත වීම ගැන පුවත ප්‍රචාරය විය. මේ අනුව නාමල් රාජපක්ෂගේ යෝජනාවට අනුමැතිය ලැබීම සහ මෙම උපකරණ වෙළඳ සැල අතර සම්බන්ධයක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා සංවාදයක් මතුව තිබේ. දිලිත් ජයවීර යනු පසුගිය මැතිවරණවලදී සහ ඉන් පසුව ආණ්ඩුවට විශාල සහයෝගයක් ලබාදුන් ව්‍යාපාරිකයෙකි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...