දිලිත් ව්‍යායාම උපකරණ බඩු කඩයක් දමා දින 4 කට පසු ව්‍යායාම මධ්‍යස්ථාන 500කට කැබිනට් අනුමැතිය

රටේ තෝරාගත් ස්ථානවල කන්ටේනර් බහාලුම් භාවිතයෙන් එළිමහන් ව්‍යායාම හා යෝග්‍යතා මධ්‍යස්ථාන 500 ක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ඊයේ දින වාර්තා විය.

ඒත් සමඟම ආණ්ඩුව සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් සහිත දිලිත් ජයවීරට අයත් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් GS ස්පෝර්ට්ස් නමින් ක්‍රීඩා හා ව්‍යායාම උපකරණ වෙළඳසැලක් පසුගිය 30 වනදා ආරම්භ කර තිබීම ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවාදයක් මතුව තිබේ. මෙම ව්‍යාපාරික ස්ථානය විවෘත කර තිබුණේ ද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසිනි.

නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුව ‘අපි ජය ගනිමු’ යන තේමාව යටතේ කන්ටේනර් බහාලුම් භාවිතයෙන් මෙම එළිමහන් ව්‍යායාම ශාලා 500 දිවයින පුරා ඉදිකිරීමට නියමිතයි.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 625 කි. මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ වෙත පැවරෙන අතර අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු එක් මධ්‍යස්ථානයක් සඳහා බඳවා ගැනීමටද නියමිතයි.

නාමල් රාජපක්ෂගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කර සිටියේ රටක වසංගතයක් පැතිරෙමින් තිබෙන මොහොතක එළිමහන් ව්‍යායාම මධ්‍යස්ථාන ඉදිකිරීමට වඩා ප්‍රමුඛ කොට සැළකිය යුතු කරුණු ඇති බවයි. විශේෂයෙන් මේ මොහොතේ සෞඛ්‍ය පහසුකම් වැඩිකිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස විය. ඒත් සමඟම දිලිත් ජයවීරට අයත් ක්‍රීඩා හා ව්‍යායාම උපකරණ වෙළඳසැලක් විවෘත වීම ගැන පුවත ප්‍රචාරය විය. මේ අනුව නාමල් රාජපක්ෂගේ යෝජනාවට අනුමැතිය ලැබීම සහ මෙම උපකරණ වෙළඳ සැල අතර සම්බන්ධයක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා සංවාදයක් මතුව තිබේ. දිලිත් ජයවීර යනු පසුගිය මැතිවරණවලදී සහ ඉන් පසුව ආණ්ඩුවට විශාල සහයෝගයක් ලබාදුන් ව්‍යාපාරිකයෙකි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...