වසංගත තත්ත්වය හමුවේ බන්ධනාගාරවල සිටින සුලු අපරාධ සැකකරුවන්, වරදකරුවන් නිදහස් කරනු – තරුණ නීතිඥ සංගමය

Date:

සුළු අපරාධ සදහා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැදවියන්ට ඇප ලබා දීම සහ සුළු අපරාධ සදහා දඩුවම් ලබා සිටින්නන්ට අධිකරණ නිර්දේශ මත විශේෂ නිදහසක් ලබාදෙන්නැයි තරුණ නීතීඥ සංගමය ඉල්ලයි.

එම සංගමය පවසන්නේ බන්ධනාගාර ආශ්‍රිතව විශාල තදබදයක් පවතින තත්ත්වයක් තුළ කොරෝනා ආසාදිත කවුරුන් හෝ බන්ධනාගාරය තුළට ගියහොත් සියලු රැඳවියන්ට එය වැළඳීමේ අවදානමක් පවතින බවයි. එසේම පවතින වසංගත අර්බුදය නිසා සියලුම බන්ධනාගාර සදහා නිසි ආරක්ෂාව සහ සනීපාරක්ෂක පහසුකම් සලසන්නැයි ද එම සංගමය ඉල්ලා සිටියි.

මේ හා සමාන්තරව නිදහස් වෙළෙඳ කලාප ඇතුළුව සියලුම වැඩ කරන ජනතාවට වැටුප් සහිත නිවාඩු ලබාදීම සදහා නෛතිකවම විධාන සලසන ලෙසද එම සංගමය ඉල්ලීමක් කරයි.

තරුණ නීතිඥ සංගමය ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් පහත ඉල්ලීම් ද සිදු කළේය.

සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන්ම වෛරසයේ ව්‍යාප්තිය පිලිබදව නිසි සමාජ දැනුවත් කිරීමක් අඛණ්ඩව සිදු කිරීම
නිදහස් වෙළෙඳ කලාප ඇතුලුව සියලුම වැඩ කරන ජනතාවට වැටුප් සහිත නිවාඩු ලබාදීම සදහා නෛතිකවම විධාන සැලසීම.
ආර්ථිකව පීඩනයට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා සහන පැකේජයක් ලබාදීම.
ණය සහ මුල්‍ය පහසුකම් හිගතැබීම් සදහා සහන කාලයක් ලබාදීම සහ නීතිමය පියවර නොගැනීමට අදාල සමාගම් වලට නෛතිකවම විධාන කිරීම
සියලුම බන්ධනාගාර සදහා නිසි ආරක්ෂාව සහ සනීපාරක්ෂක පහසුකම් සැලසීම.
අධිකරණ සමග සාකච්ඡා කර සුලු අපරාධ සදහා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින රැදවියන්ට ඇප ලබා දීම සහ සුලු අපරාධ සදහා දඩුවම් ලබා සිටින්නන්ට ජනාධිපති සමාව ලබාදීම.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...