ලොක්ඩවුන් කිරීමේ ‌යෝජනාව පරාජය කළ බලවේගය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිද?

හදිසි ක්‍රියාමාර්ග ‌නොගන්නේ නම් දිනකට ‌‌කොරෝනා ‌රෝගීන් වාර්තා වන ප්‍රමාණය විසි දහස ඉක්මවිය හැකි බවත් දිනකට මරණ 200 ඉක්මවිය හැකි බවත් සමස්ත ලංකා රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ‌වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පැවසීය.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ‌කොවිඩ් මර්දන බලකාය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවද ඔහු පැවසීය. වසංගතය පැතිරීම වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය ‌නොකෙරෙන බව ඇමැතිනී ‌වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රකාශයෙන් තහවුරු වන බව කී ඔහු ඇය කියන ආකාරයට රට ‌ලොක්ඩවුන් කිරීමේ ‌යෝජනාව පරාජය කළ බලවේගය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිද? හමුදාපති ශවේන්ද්‍ර සිල්වාද? ජනාධිපතිවරයා ‌හෝ අගමැතිවරයාද යන්න ‌හෙළි කළ යුතු බවද පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...