ලොක්ඩවුන් කිරීමේ ‌යෝජනාව පරාජය කළ බලවේගය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිද?

හදිසි ක්‍රියාමාර්ග ‌නොගන්නේ නම් දිනකට ‌‌කොරෝනා ‌රෝගීන් වාර්තා වන ප්‍රමාණය විසි දහස ඉක්මවිය හැකි බවත් දිනකට මරණ 200 ඉක්මවිය හැකි බවත් සමස්ත ලංකා රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ‌වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පැවසීය.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ‌කොවිඩ් මර්දන බලකාය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවද ඔහු පැවසීය. වසංගතය පැතිරීම වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය ‌නොකෙරෙන බව ඇමැතිනී ‌වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රකාශයෙන් තහවුරු වන බව කී ඔහු ඇය කියන ආකාරයට රට ‌ලොක්ඩවුන් කිරීමේ ‌යෝජනාව පරාජය කළ බලවේගය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිද? හමුදාපති ශවේන්ද්‍ර සිල්වාද? ජනාධිපතිවරයා ‌හෝ අගමැතිවරයාද යන්න ‌හෙළි කළ යුතු බවද පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...