නීති වෙනස්කරමින් වැඩි මිලට විදුලිය විකුණිමට අදානිලට අවස්ථාව දෙන්න හදන්නේ – පුබුදු ජයගොඩ

දැනට පවතින නීති රීති වෙනස් කොට ඉන්දියාවේ අදානි සමාගමට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලබා දීමට සැලසුම් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසීය.

ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත හරහා ඉදිරිපත්කරමින් සූදානම් වන්නේ ඒ නිසා බවද ඔහු පැවසීය.

දැනට තියෙන විදුලි බල පනතට අනුව පෞදගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී මූලික ඉල්ලීම් දෙකක් සපුරන්න ඕනා. එකක් තමයි තරඟකාරී ක්‍රමයක් යටතේ මිල ගණන් කැඳවීමක් කළ යුතුයි. ඒ ටෙන්ඩර් කැඳවීමේ දී විදුලි ඒකකයක් සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කරන සමාගමට තමයි ටෙන්ඩර් එක ලබාදිය යුත්තේ. නව පනත හරහා කරන්න යන්නෙ මෙන්න මේ කරුණු දෙක වෙනස් කරන්න. මන්නාරමේ සහ පුනරීන්වල ඉන්දියානු අදානි සමාගම මැදිහත්වෙලා සුළං විදුලි බලාගාර දෙකක් හදන්න යනවා. මේ විදුලි බලාගාරවලින් විදුලි ඒකකයක් ලබාදෙන්නෙ ඩොලර් ශත 7.55ට වුවත් දැනට ලංකා විදුලි බල මණ්ඩලය සතු තම්බපන්නි විදුලි බලාගාරයේ විදුලි ඒකකයේ යන පිරිවැය ඩොලර් ශත 4ට වඩා අඩුයි. මේ හරහා අදානි හරහා විදුලිය වැඩි මිලට මිලදී ගන්න බව පැහැදිලියි. ”

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...