පාලකයා ද නායකයා ද??

Date:

කවුරුන් කෙසේ කීවද මේ ගල් බංකුව මත නිදන, කට සැර, වැඩි නූස් වූ ,බය නැති කොලු ගැටයා මට නම් නායකයෙකි. අත්දැකීම් මත පරිණත විය හැකි එඩිතර තරුණයෙකි.

ඈත් රංචුවක නායකයා තම පිළ ආරක්ෂා නොකරන විටකදී ඒ රැළේ අලුත උපන් පැටවෙකු ගේ කර මත ඒ වගකීම පැටවුණ විටක දී පහු නොබැස, තවත් කෙනෙකුගේ කර මතින් එගොඩ නොවන්නට තරම් ආත්ම ශක්තියක් ඇතිව, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් උපරිම සංඛ්‍යාවකගේ පමණක් නොව මහා ජන සහායක් ඇතිව, යහපත් අරමුණු කරා මෙහෙය වන්නට හැම කෙනාටම හැකි ද? හොට බිම ඇනී, කෙස් සුදු වන තුරු වත් රට වෙනුවෙන් ඉදිරිපත් නොවී කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන බොහෝ අය මෙය තේරුම් නොගැනීම මහා විප්‍රකාරයකි.

මගේ දියණියගේ වයසට සමාන මේ යෞවනයන් හට සිදුව ඇත්තේ වැඩිහිටි පරම්පරාවේ කොඳු නාරටි ශක්තිමත් කිරීමටය. දරුවන්ට නිදහසේ ජීවත් වෙන්නට නොහැකි රටක් බිහිකිරීමට දායක වූ වැඩිහිටියන් ගේ පවට කර ගැසීමට ය.

යෞවන ප්‍රේමයෙන් බැඳෙමින්, අත් අල්ලන් පෙම් බස් දොඩන්නට හිමි තාරුණ්‍යය, රටක, ජාතියක, මුලු මහත් අනාගතයක වගකීම දරන්නට වූ මේ තරුණ තරුණියන් ගැන මට නම් ඇත්තේ මහා දුකකි.

ඕනෑම කෙනෙකු විශ්ව විද්‍යාලයයට ඇතුල් වන්නේ උපාධි ලෝගුව කර දා ගැනීමටය. පොදු අරමුණු වෙනුවෙන් ඒවා අත් හරින්නට සිදු වීම මා දකින්නේ ඔවුනගේ වරදක් නොව වගකීම පැහැර හැරි , අයුක්තියට විරුද්ධ නොවූ, අඳ ගොළු මිනිසුන් සේ සිටි වැඩිහිටියන් ගේ වැරදි ලෙසටය.

මේ තාක් කලක් රට විනාශයට කරා යමින් පීඩිත වැසියාගේ සුව සිහින නැති කරමින් සැපසේ නිදි වැදි, නායකයන් නොවන පාලකයන් මෙන්ම දූෂිත රාජ්‍ය නිලධාරීන් මෙන් ම , නිවට නියාලු ව වැරැද්ද ඉදිරියේ හිස නැවූ වැඩිහිටි පරම්පරාවක ඇස් ඇරවීමට සමත් වූ ඔහු හා ඔහුගේ ගමන් සගයන් මට නම් මහා වීරවරයන් ය. වීරවරියන් ය.

මහජනයා බිය වද්දමින් , මහජනයාගේ ඡන්දයෙන් ම තේරී පත් වී , මහජන හඬට කන් නොදී , හිවල් වෙස් ගත් මාන්නාධික මහ උන්ට සැඟවෙන්නට පාර කැපූ, දූෂණයට, මහජන මුදල් මංකොල්ලයන්ට තිත තබන්නට හැකි වාතාවරණයක් ඇති කළ මේ ඇත් පැටව් රැළ පාලකයන් නොව ඇත්ත ම නායකයන් ලෙස හෙට දින බිහි වේයැයි කිව හැකි නොවේ ද ?? .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...