පෙබ 04ට ‘කලු’ විරෝධයක්

පෙබරවාරි 04 වැනි දා සැමරීමට නියමිත 75 වන ජාතික නිදහස් දිනයට සමගාමිව ජාතික කොඩි ප්‍රදර්ශනය කිරීමේ අඩුවක් මෙවර දක්නට ලැබෙන බව වාර්තා වේ.

විශේෂයෙන් අද උදෑසන සිට සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන බොහෝ පිරිසක් තම ගිණුම්වල profile පින්තූරය කළු පැහැයෙන් දක්වමින් විරෝධය දක්වා තිබේ.

ඊට අමතරව සමාජ මාධ්‍ය හරහා දින කිහිපයක සිට ඉල්ලා තිබුනේ තම නිවෙස්වල නිදහස් උත්සව සැමරීමට එරෙහිව කළු කොඩියක් ඔසවන ලෙසයි.

මෙම විරෝධයට හේතුව ආණ්ඩුව ආර්ථික අර්බුදයක් මධ්‍යයේ මිලියන ගණනක් නිදහස් උත්සවයට වියදම් කිරීමට තීරණය කිරීම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය දැක්වීමයි. මෙම විරෝධය දැක්වීමේ අංගයක් ලෙස හෙට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබෙන අතර අද දිනයේ ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් විසින් සත්‍යග්‍රහයක් ද පවත්වයි.

රුපියල් මිලියන 200ක වියදම් ඇස්තමේන්තුවකින් 75 වැනි නිදහස් දින සැමරුම් උත්සවය හෙට (පෙබරවාරි 04) කොළඹ, ගාලු මුවදොරදී පැවැත්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...

සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක්

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක් වන"...