රනිලුත් හොඳටම කරයි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ තෝරා පත්කරගෙන පැය කිහිපයක් ඇතුළත ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටුවා තිබූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බිමට ආණ්ඩු පාක්ෂික ආධාරකරුවන් පහර දී තිබේ. මෙම පහරදීම නියෝජනය කරන්නේ රනිල් සහ රාජපක්ෂලාගේ දේශපාලනයයි.

රනිල් මුලදී අරගලය සම්බන්ධයෙන් පෙන්නුවේ ලෝකයේ ඉන්න හොඳම ප්‍රජතතන්ත්‍රවාදියා තමන් බව පෙන්වන භූමිකාවකිනි. එය රඟපෑමක් බව කෙටි කලකින්ම ජනතාවට වැටහුණි. ජනතාව නොනැවතී අරගලයේ යෙදෙද්දී රනිල්ගේ ඇත්ත මූන එලියට පැමිණුනි. ඉන්පසු ඔහු ට්‍රැක් එක මාරුකරමින් පසුගියදා පැවසුවේ අරගලකරුවන් ‘ෆැසිස්ට්වාදීන්’ බවයි.

රනිල් සහ රාජපක්ෂලාගේ දේශපාලනය දෙකක් බව සිතාගෙන සිටි ඇතැමුන්ට එය දෙකක් නොව එකක් බව මේවනවිට රනිල් රාජපක්ෂ පෙන්නමින් සිටියි. දැන් ජනතාවට තමන්ගේ දේශපාලනය කුමක්ද යන්න තෝරාගැනීම වඩාත් පහසු වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...