ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට ජනතා මුදලින් නඩත්තු වන මන්දිර මින් ඉදිරියට නැහැ.

Date:

ජනසතු කර ගත් ජනාධිපති නිල නිවසත්,  අගමැති නිල නිවසත්, ජනාධිපති ලේකම් කාර්යාලයත් ,නරඹන්න රටේ සතර දෙසින් මිනිසුන් නොකඩවා එමින් සිටිනවා. මේ පැමිණීම නොඉවසන සමහරු මැසිවිලි නගනවා. මිනිස්සු අව්වට පිච්චෙමින්  පෝලිමේ හිටගෙන මේක ඇතුළට යන්න කාලය නාස්ති කරනවා කියලා සමහරු නාහෙන් අඬනවා.

අද ජනාධිපති නිල නිවස, අගමැති නිල නිවස බලන්න එන මිනිස්සුන්ගේ පෝලිම දකින  සමහර අයට අමතක වෙලා තියෙනවා එයාලා මීට අවුරුදු දහයකට ඉහතදී උතුරු නැගෙනහිරට පෝලිමේ ම්ලේච්ඡත්වයේ සිහිවටන බලන්න ගිය හැටි.

සාමාන්‍ය ජනතාවට ලං වෙන්නවත් නොදුන්නු, සාමාන්‍ය මිනිස්සුන්ට මේ ජනාධිපතිවරු අගමැතිවරු ඉන්න අහලකින්වත් නිදහසේ යන්නට ඉඩ නොතැබූ  තැන් අද ජනයාගෙන් පිරී ඉතිරී ගිහින් තියෙනවා.දැන් ඉතින් තව දුරටත් මේ ස්ථාන ජනාධිපතිවරුන්ට හා අගමැතිවරුන්ට ජාතික ධනය වැය කරමින් සුර සැප විඳින්නට තියන තැන් බවට පත් නොකර මහජනතාවට යන්න එන්න පුළුහන් පුරාවිද්‍යා වටිනාකම් ඇති ජාතික සම්පත් බවට පත් කරන්න ඕනේ.

ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට, කතානායක වරුන්ට,  මැති ඇමති වරුන්ට මින් ඉදිරියට රටේ සාමාන්‍ය ජනතාව රැකීරක්ශා වලට යන ආකාරයට තමන්ගේ නිවසේ සිට හෝ කැමති තැනක සිට යන්නට ඉඩහැර ප්‍රභූ නඩත්තු කිරීමේ සම්ප්‍රදායන් සම්පූර්ණයෙන්ම බැහැර කර හැරිය යුතුයි. දේශපාලකයන් වරප්‍රසාද ලත් පන්තියක් බවට පත් කළ යුතු නැහැ.  ජනාධිපති අගමැති මැදුරුවල  සුදු හුණු බිත්ති මත තමන්ගේ දහඩිය කඳුළු තැවරුණු අත් පා සළකුණු තබා තිබීම  විවේචනය කරන්නේ ක්‍රිකට් තරඟයක් ටීවී එකෙන් බලන්නා සේ  අරගලය දෙස ටීවී එකෙන් හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නරඹමින්  සිටින පුද්ගලයන්ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කොළඹ කොටුව ජනපති මැදුර  පුරාවිද්‍යා ස්ථානයක් ලෙස  නම් කරලා තියෙනවා. මේ සඳහා සම්පූර්ණ සහයෝගය අරගලකරුවන් ගේ කණ්ඩායම විසින් ලබා දී තිබෙනවා.

අරගලය සක්‍රීය නියමුවකු වන ලහිරු වීරසේකර අද මාධ්‍යයට පවසා සිටියේ ජනතාව අත්පත්කරගෙන ඇති ස්ථාන පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන බැවින් මේවා තනි පුද්ගලයන්ගේ බූදලයක් ලෙස පාවිච්චි කිරීමට  ඉඩ ලබා නොදී ඉදිරි පරම්පරාවන්ගේ වෙනුවෙන්  ආරක්ෂාව ඇතිව සංරක්ෂණය කර   තබන්න  අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් සහාය පළ කර සිටින බවයි.

තවදුරටත් බලයට පත්වෙන ජනාධිපතිවරුන්ට හා අගමැතිවරුන්ට මේවා  ඔවුන්ගේ නිල නිවාස  නොව ජනතාවට යන්න පුළුවන් නරඹන්න පුළුවන් ජනතාවට පරිහරණය කරන්න පුළුවන් තැන් බවට රිවර්තනය කිරීම ද මේ අරගලය තුලින් ජනතාව ලැබූ ජයග්‍රහණයක් වනවා.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...