ජනාධිපතිවරයාට අපහාස කිරීම අපරාධ වරදක් නොවේ – නීතිවේදීන්

ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍යයෙන් හෝ වෙනත් මාධ්‍යයකින් ප්‍රකාශ නිකුත් කිරීම හෝ හුවමාරු කිරීමක් සිදුකල හොත් එම පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාව ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන ප්‍රකාශය අසත්‍යක් බව නීතිවේදීන් පවසයි.

ජනාධිපතිවරයා මිරිහාන ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියදී ඔහුට අපහාස වන අයුරින් පිරිසක් හූ කීමේ සිදුවීමට අදාළ දෑ සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබදව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසා තිබුණේ එවැනි සිද්ධි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ හැකි බවයි.

මෙම සිදුවීමට මුහුණ පෑ කාන්තාව සදහන් කළේ සමාජ මාධ්‍ය ජාලයක් හරහා හුවමාරු වූ ඡායාරූප අඩංගු සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධකාරියක් අත්අඩංගුවට ගන්නා ආකාරයෙන් තමන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.

එහිදී පොලිස් නිලධාරීන් තමන්ගේ ජංගම දුරකතනයේ දත්තද ලබාගෙන මෙවැනි ක්‍රියාවන් නැවත සිදු නොකරන ලෙසට අවවාද කළ බවද ඇය සදහන් කරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ පවසන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යක් බවයි.

වාහලතන්ත්‍රී එදිරිව පොලිස්පති (SC/FR/768/2009) නඩුවේ තීන්දුව උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය නායකයින්ව හාස්‍යට, උපහාසයට හෝ අපහාසයට ලක්කිරීම අපරාධමය වරදක් නොවන බවයි.

එමෙන්ම මෙවන් හේතුවක් පාදක කරගෙන යම් කිසි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයේ දත්ත පිටපත් කරගැනීමේ හැකියාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බවද නීතීඥ තිෂ්‍ය වේරගොඩ සඳහන් කර තිබේ.

එසේනම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උත්සාහ කරන්නේ අසත්‍ය තොරතුරු සමාජ ගතකරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීමට ද යන සැකය ඇතිවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...