NPP ආණ්ඩුවට ඉතාලියේ රියැදුරු බලපත් අර්බුදය ප්‍රමුඛ ප්‍රශ්නයක් නොවෙයිද ?

2025 ජනවාරි 29 වන දා ඉතාලියේ සිට ලංකාවට ගිය නියෝජිතයින් කිහිප දෙනෙකු සමඟ ජනා අරගල සන්ධානය නියෝජනය කරමින් වසන්ත මුදළිගේ ඇතුළු කණ්ඩායමක් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත ගියේ 2022 වසරේ සිට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන ගැටලු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන්නට මැදිහත් වන ලෙස විදේශ කටයුතු ඇමතිවරයාගෙන් ඉල්ලා සිටීමටයි . මේ පැමිණීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පෙර දැනුවත් කිරීමකින් පසුව තමයි වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ජනවාරි 29 වන දා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යන්නේ. නමුත් මේ පැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු කණ්ඩායම මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට අවධානය යොමු නොකර තිබීම ඉතාම බරපතළ කරුණක් වෙනවා.

පෙර රජය දැනුවත් කිරීම

ශ්‍රී ලංකාව හා ඉතාලි රජය අන්‍යෝන්‍ය අවබෝධය මත ක්‍රියාත්මක වූ ලංකාවේ රියදුරු බරපත්‍රය ඉතාලිය තුළ වලංගු කර ගැනීම සඳහා වූ ප්‍රතිපාදන වරින් වර යාවත්කාලීන වුවද 2022 පෙබරවාරි 28 වැනි දායින් පසුව එය සිදු නොවීම නිසා ඉතාලිය තුල රැකියා කරන විශාල ලාංකිකයන් පිරිසක් අපහසුතාවයට පත් විය . මේ ගැටලුව විසඳා ගැනීම සඳහා හිතා ගණනාවකදී ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත්කර කඩිනම් පියවර ගැනීමට බලපෑම් ජන අරගල සන්ධානය 2024 පෙබරවාරි 7 දා එවක ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මහතාට ලිපියක් යොමු කළ .

ඉන් අනතුරුව 2024 පෙබරවාරි මස 17 වන දා මේ ප්‍රශ්නය රැගෙන ජන අරගල සන්ධානය නියෝජනය කරමින් වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ රාජ්‍යය ඇමතිවරයාත් සමඟ ද සාකච්ඡා කරනු ලැබුවා . කඩිනම් විසඳුම් ලබාදෙන බව පැවසුවද ඔවුන්ගේ කිසිදු විසඳුමක් කඩිනම් වූයේ නැත .

NPP ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය

මේ සියලු උත්සාහයන් වලින් පසුව ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් විශ්වාසය තැබුවේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ NPP ආණ්ඩුවක් යටතේ කඩිනම් විසඳුමක් ලබා දේවි කියායි . ඒ විශ්වාසය මත අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන්නට මත්තෙන් ඉතාලියට වාර ගණනාවක් ගිය අතර මේ ප්‍රශ්නය ඔහුටද ඉදිරිපත් කර තියෙනවා . බලය ලැබුණු පසු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ඔවුන්ගේ පාර්ශවය ප්‍රකාශ කළද තවම ඒ සඳහා පියවර ගෙන නොතිබේ .

අවම වශයෙන් මෙවන් බරපතළ ගැටලුවක් පවතින බව දැනුම් දෙන්නට මේ ගැටළුවට මුහුණ දී සිටින ඉතාලියේ සිට ගිය පිරිස හමුවීමට අවස්ථාවක් වෙන්කර ගැනීම සඳහා මේ විදේශ කටයුතු ඇමතිවරයාට නොහැකි වීම සම්බන්ධයෙන් ඇත්තේ ගැටලුවකි. අද වසන්තලාට හමුවන්නට සිදු වුනේ ඇමැතිතුමාගේ පුද්ගලික ලේකම්වරයාව පමණයි . ඔවුන් අරගෙන ගිය ලියකියවිලි ටික ඔහුට බාර දෙන්නට සිදුවුණා .

කෙසේ වෙතත් මේ ප්‍රශ්නය කඩිනමින් විසඳා ගැනීම සඳහා ජන අරගල සන්ධානය ඉතාලියේ ශ්‍රී ලාංකිකයා වන නියෝජනය කරමින් මැදිහත් වන බව අද වසන්ත මුදලිගේ ප්‍රකාශ කර සිටියා.

ජන අරගල ව්‍යාපාරය විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීම.

ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම පිළිබඳ ගැටලුව විසඳා ගැනීම

Share post:

Popular

More like this
Related

විසි දෙකේ තීන්දුව කතානායකට

විසි දෙකට පක්ෂ විපක්ෂව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් විභාගය...

විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් පෙරටුගාමින් යළි මහජන උපයෝගීතා කොමිසමට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද යළි මහජන උපයෝගීතා කොමිෂන් සභාව...

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...