ඉක්වදෝරයේ මහපාරේ අවසන් ගමන් යන කොරෝනා ආසාධිතයින්.

මේ දිනවල ඉක්වදෝරයේ ගුවායානිල් නගරයේ වීදි වල මෘත ශරීර ගොඩගැසී තිබෙනවා දක්නට පුළුවන්.තවද තම ප්‍රියයන්ගේ දේහ ආවරණයට මිනී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට ඔවුන්ට සිදුව තිබෙනවා.සිවිල් සංවිධාන පවසන්නේ කොරෝනා ආසාධිතව මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර අදාහනය කිරීම සදහා අවශ්‍ය පහසුකම් සැළසීමට රජය අපොහොසත්වීම මීට හේතුව බවයි.

ඉක්වදෝරයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෑතකදී සිදුකල සම්මුඛ සාකච්ජාවක දී පවසා තිබුණේ ගුවායානිල් නගරයේ පමණක් 1500කට අධික පිරිසක් මියගොස් ඇති බවයි.

ලෙනින් මොරෙනෝගේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ එරට පොදු සේවා සහ සෞඛ්‍ය සේවා සියල්ල බිදවැටී පැතීම කොරෝනා වෛරසය මගින් මෙවැනි විනාශකාරී බලපෑමක් ඇතිකිරීමට බලපා තිබෙන අතර එමනිසා ආණුඩුව කෙරෙහි දැඩි ආණ්ඩු විරෝධයක් උත්සන්නව තිබෙනවා.
උපුටා ගැනීම ගිණිසිළුව

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...