රළ සාහිත්‍ය කලා විමර්ශන විචාර පෙබරවාරි 06

ලෝකයේ විමුක්තිකාමී මිනිස් මැදිහත්වීම් සතු උරුමය දරා ගනිමින් සමසමාජ ව්‍යාපාරයේ සිට මෙරට ප්‍රගතිශීලී කලා සංස්කෘතික පෙළගැස්මක් පැවැති බව අපි දනිමු. එහෙත් මේ වනවිට සාහිත්‍ය කලා ක්ෂේත්‍රය, කලා විචාරය පසුබස්වමින් වෙළෙඳපොළ චින්තනය මෙන්ම ජාතිකවාදී මන්තරය මගින් විනාශයේ ගමන පණ ගන්වා ඇත.

එහිදී වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් කලා නිර්මාණයේ යෙදෙන, කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා මිනිස් සිතීම වඩා පොහොසත්, වඩා ඉදිරිගාමී ආස්ථානයකට කැඳවීම වෙනුවෙන් වැඩකරන කලාකරුවන්, රසික-සහෘද ප්‍රජාව, විචාරකයන් එක් අරමුණක සිට වැඩ කළ යුතු වෙයි. එවැනි පොදු අරමුණක් වෙනුවෙන් මිනිස් සමාජය කැඳවීමේදී පොදු සිතීම පුළුල් කළ යුතුවා මෙන්ම සිතීමේ දිශානතියක් නිර්ණය කළ යුතුව ඇත. කලානිර්මාණ බිහි කිරීම, සහෘද රසවින්දනය මෙන්ම කලා විචාරය වඩවඩාත් ජනතාව වෙත සමීප කළ යුතුය.

අපට කලා ක්ෂේත්‍රය තුළ ඇත්තේ අලු‍තෙන් ඉපදීමක් නොව, මෙම දිගුකාලීන වැඩබිම තුළ විවිධාකාරයෙන් හෙළන ලද ශ්‍රමයේ ප්‍රතිඵල එකලස් කර වර්ධනය කිරීමකි. අප සමාජයේ මෙතෙක් පැවති බුද්ධිමය ව්‍යාපාර පරාජය ලැබුවේ නව ලිබරල් ධනවාදයේ සහ අධිරාජ්‍යවාදයේත්, ජාතිකවාදයේත්, ඒවා පිරිපහදු කර පවත්වාගෙන යන ලොන්ඩරි – ප්‍රතිසංස්කරණවාදයේත් සංස්කෘතික ආධිපත්‍යය ඉක්මවිය නොහැකි වීම නිසාය. අප සමාජයක් ලෙස අද මුහුණ දී සිටින අර්බුදය එයයි. මානව සංහතියේ හිසට ඉහළින් ලඹ දෙන විනාශයේ මූල බීජයත් එයයි. එනිසාම වත්මන් ලෝකයේ පවතින විනාශකාරීත්වය පරාජය කරන විකල්පයක් සඳහා සමාජයේ භාව මණ්ඩලය සහ ඥාන මණ්ඩලය පෝෂණය කිරීමේත් විමුක්තිකාමී දේශපාලන ව්‍යාපෘතිය සඳහා වන දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයේ බලයක් නිර්මාණය කිරීමේදී කලා – සංස්කෘතික ව්‍යාපාරයක් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා කලා කෘති ඇසුරු කිරීමත් කලා විචාරයේ නිම් වළලු‍ පුළුල් කර වර්ධනය කිරීමත් අවශ්‍ය වේ.

අප, ‘වම’ පුවත්පතේ ‘රළ කලා සංස්කෘතික අතිරේකයේ’ අතිරේකයේ පළ කළ ලිපි මාලාවක් මෙලෙස පොතක් ලෙස එළිදක්වනුයේ ඉහත කී අභිමතාර්ථ පෝෂණය වන සමාජ සංවාදයක් අවුලු‍වාලීමේ අරමුණෙනි.

කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා  මණ්ඩල ශ්‍රවණාගාරයේදී පෙබරවාරි 06 වැනිදා සවස 3.00ට 

අදහස් දැක්වීම් –

බූපති නලීන් වික්‍රමගේ
අනෝමා රාජකරුණා
අජිත් කුමාරසිරි
පුබුදු ජයගොඩ

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...