2022 ජුනිමස 2 වෙනි බ‍්‍රහස්පතින්දා දිනය පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන විවර අවුරුදු උත්සවය ගැන යමක් කිව යුතුයැයි හැගුනේ කාරණා කීපයක් නිසා. එක අපි ඉන්නේ ජුනි මාසයේ. දැන් අවුරුදු පහුවී කලක් ගතවෙලා. එසේනම් ඇයි මේ මොහොතේ එය පවත්වන්නේ යන්න එක පැනයක්. ඊලග කාරණය මේ වෙන කොට ලංකාවේ ජනතාව කන්න බොන්න නැතිව බෙහෙත් ටික නැතිව තෙල් ගෑස් පෝලිම් වල දුක්විඳිද්දී අපි උත්සව පවත්වන්නේ කෙසේද යන්නයි.
පලමු කාරණය නම් අපේ‍්‍රල් මාසය යනු ඉතාලියට තවමත් සීත සමයක්. යන්තම් අව්රැුල්ලක් වැටුනත් එළිමහනේ දරුවන් සමග කටයුත්තක් කරන්නට තරම් රස්නයක් නැති කම. ඒ නිසාම එය මැයි මාසෙට කල් දාන්න වෙනව. ඒත් මැයි මුල් කාලය මෙහෙට වැහි සමය. එයත් මගහරින්නෙ නැතිව බෑ. ඒ නිසා මැයි අගට වගේ යොදා ගත්තත් වෙනත් හේතු නිසා දින එහා මෙහා කරන්න සිදු වෙනව. මෙවර විශේෂය වුනේ ලංකාවේ පොදු ජන අරගලය. එයට සමගාමීව මූලික තැන අපටත් දෙන්න වුනේ විරෝධතා සංවිධානය කරන්න. ඒ කටයුත්ත තාමත් ඉවර නෑ. ජුනි 5 වෙනිදත් විරෝධතා දිනයක් සංවිධානය කරමින් සිටිනව. ඒ අතර තමයි මේ කටයුත්තටත් අවධානය යොමු කරන්න සිදු වෙලා තියෙන්නෙ. විශේෂම කාරණය පසුගිය වසර දෙකේම අපිට මේ කටයුත්ත කරන්න බැරි වීම. ඒ කොරෝනා වසංගතය නිසා. ඉතිං පමාවී හෝ මේ කටයුත්ත කිරීම වඩා සුදුසුයි තවත් අවුරුද්දක් කල් දානවට වඩා. මොදක අපි විශේෂයෙන්ම මෙය සංවිධානය කරන්නෙ ළමුන් වෙනුවෙන්. අපි පවත්වාගෙන යන විවර පාසල තමයි ඊට මුල් වෙන්නෙ. වසරක් පුරාවට ළමුන්ට කියා දෙන දේ තවදුරටත් ධාරණය කර ගැනීම සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දීම මෙහි ප‍්‍රධානම අරමුණ. අපි සිදු කරන්නෙ මෙහෙ හැදෙන වැඩෙන ළමුන් මෙහි පාසල් වල අධ්‍යාපනය ලබන ළමුන් සති අන්තයේ වරුවකට එකතු කරගෙන ඔවුන්ට මෙහි පාසල් තුලින් නොලැබෙන එහෙත් අත්‍යාවශ්‍යයෙන්ම ඔවුන් දැනුවත් විය යුතු යැයි හැගෙන විෂයන් කීපයක් ඉගැන්වීම. ඊටත් එහා ගිහිල්ල සම වයසේ ළමුන් එක් තැනකට ඒක රාශී කරල සාමුහික හැගීම් වර්ධනයට පෞර්ෂ වර්ධනයට හා අන්‍යෝන්‍ය හඳුනා ගැනීමට ඉඩ හදා දීම. මොකද මේ සමාජයේ බොහෝ දෙනෙක් ගත කරන්නෙ යාන්ත‍්‍රික ජීවිත. සමාජ සම්බන්දතා බිංදුවට පිරිහිලා. මොකක් හෝ කටයුත්තකට සම්බන්ද වෙන්නෙත් ඉන් වාසියක් තියෙනවද බලල. බොහෝ දෙනෙක් ගතින් ඉතාලියෙ වුනත් හිතෙන් ජීවත් වෙන්නෙ ලංකාවෙ. ඒ නිසාම ඔවුන්ගේ පැවැත්ම මෙහි සංස්කෘතියත් එක්ක මුහු වෙන්නෙ නෑ. මුහු වුනත් ඉතාම අඩුවෙන්. ළමයි දවසේ වැඩි හරියක් ගත කරන්නෙ පිට සමාජයේ වෙනස් සංස්කෘතියක් තුල. ඔවුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ ලෝක දෙකක. වැඩිහිටියන් එසේ ජීවත් වෙන්නෙ අවබෝධයෙන්. ඒ නිසා පීඩාව අවමයි. ඒත් දරුවන්ට මෙය ප්‍රෙහෙළිකාවක්. අනෙක භාෂා ප‍්‍රශ්නය. ළමුන් ඉතා වේගෙන් භාෂාව ඉගෙන ගත්තත් වැඩිහිටියො එහෙම නෑ. එතකොට ඇවතුම් පැවතුම් වලින් විතරක් නෙමෙයි භාෂාවෙනුත් ලෝක දෙකක්. ඒ නිසා වැඩිහිටියන්ට මේ භාෂාව උගන්වනවට වඩා වේගෙන් අපේ දරුවන්ට සිංහල කියාදීම පහසුයි. එතකොට ඔවුන් භාෂා ගැටලූවෙ හිර වෙන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි. සිංහල ඉංග‍්‍රීසි ඉතාලි භාෂා තුනම ආයාසයකින් තොරව ඔවුන් ප‍්‍රගුන කරනව. එය තව වටිනාකමකුත් එක්කරන දෙයක් වෙනව. ගේ ඇතුලෙම අදහස් හුවමාරුවේ ප‍්‍රශ්නය ඉන් අහෝසි වෙලා යනව. එසේ නොවන පවුල් වල දෙමාපියන් දරුවන් අතර බොහෝ ගැටලූ පවතින බව අප අත්දැකීමෙන් දන්නව. දෙමාපියන් සමග ඉන්න බැරි දරුවන් බොහොමයක් ඉන්නෙ වෙනත් සමාජ ආයතන රැක වරණ යටතේ. ලාංකීය ළමයිනුත් ඒ අතර සිටීම කණගාටුවක්. අනෙක හමේ පාට. දරුවන් ලොකු වෙනකොට පාසලේ අනෙකා සමග ඇති වෙනස මතු වෙනව. බොහෝවිට කලූ හමට ලැබෙන්නෙ අඩු සැලකිලි. ඒ වෙනස ගැනත් හොඳ වැටහීමක් දරුවන්ට නොතිබුනොත් මානසික බිඳැටීමට එය හේතු වෙනව. මොකද කොච්චර කිව්වත් දියුණු සමාජයන් කියල තාම ජාතිකවාදය ජාති වාදය තියෙනව. පාසල් තුලත් එහෙමයි. ඒ නිසා අපේ දරුවන්ට මේ වෙනස්කම් ගැන අවබෝධයක් දෙනව වගේම ඔවුන් තුල අපේ කම ගැන යම් අභිමානයක් ගොඩනගන්න ඕනෙ. එතකොට අර දෙවැනි පුරවැසි මානසිකත්වය බැහැර කරන්න පුලූවන්. මෙ කරුණු ළමයින්ට උගන්වද්දි අපේ ගුරුවරුන්ට මුහුණපාන්න වෙන ගැටලූවක් තමයි පරිසරයේ ඇති වෙනස. පොත පතින් කියා දෙන දේ ඔවුන්ට පෙන්වන්න වෙන්නෙ පිංතූර වලින් පමනයි. ස්වාභාවික පරිසරය තුල ඒ අවස්තාව නෑ. ඉතිං මේ වගේ උත්සව අවස්ථාවක් යොදා ගන්න මූලිකම පරමාර්තය තමයි උගන්වන බොහෝ දෑ ප‍්‍රායෝගිකව අත්විඳින්න අවස්ථාවන් සැලසීම. සහභාගීත්ව අධ්‍යාපනය. නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් ජන හා වෙනත් ක‍්‍රීඩා වන්ගෙන් වගේම චාරිත‍්‍ර වාරිත‍්‍ර වලිනුත් ඔවුන් අත්දැකිමින් ඉගෙන ගන්නව. අපිට මොන ගැටලූ තිබුනත් කුඩා දරුවන් එවායෙහි කොටස් කරුවන් කර නොගෙන ඉන්න අපි උත්සහ දරනව. වෙන මොනදේ කල් දැම්මත් දරුවන්ගෙ වයසට යෑම ළමා ලෝකය නවත්වන්න අපිට බෑ. ඔවුන්ට අද අහිමිවන බොහෝ දෑ නැවත ලගා කරගන්නට බැරි වෙනව. ඉතිං මේ සියල්ල කල්පනා කරල තමයි පමා වෙලා හරි වෙනත් ගැටලූ මැද්දෙ හරි මෙම කටයුත්ත කරන්න අපි තීරණය කලේ. ඉතිං එහි සාර්ථකත්වය රැුඳී තියෙන්නෙ ඊට සම්බන්ද විය හැකි අය එයට සහභාගි වෙලා දරුවන් සමග එකතු වෙලා සහයෝගයෙන් හා ආදර්ශයෙන් ඔවුන්ට ඒ දවස ෂතුටින් විඳින්න ඉඩ හදා දීම තුලින්.