බල්ලන්ගෙ බලුකම් හංගන්න බොරු අවලාද පතුරුවයි

කළුතරදී පාසල් සිසුවියක් මරා දැමීමට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයා අරගලයේ නායකයෙකු බව පවසමින් මඩ ප්‍රහාරයක් ආණ්ඩුවේ ෆේස්බුක් මඩකරි බලකාය විසින් ගෙන යමින් ඇත. ඒ සඳහා එකී අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ඡායාරූපය සමග අරගලයේ කලාත්මක ඉදිරිපත් කිරීමක් කළ කලා ශිල්පී ශාලිකගේ Shalika Rukshan Senadheera ඡායාරූපයක් සම්බන්ධ කර පෝස්ට් එකක් නිර්මාණය කර තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා Shalika Rukshan Senadheera නොවන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. අත්අඩංගුවට ගත් පුද්ගලයා අරගලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක බවට අද රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී වැපිරූ අමූලික බොරුවද මේ මඩකරි මෙහෙයුමේ කොටසකි. මෙම පුද්ගලයා කළුතර අරගල ක්‍රියාකාරීත්වයන් කිසිවක නොසිටි අතර 2020 අගෝස්තු මැතිවරණයේදී රත්තරංට ඡන්දය දෙන්නැයි ප්‍රචාරක කටයුතු කළ අයෙකු බව කළුතර, ඉසුරුපුර ප්‍රදේශවාසීන් පවසයි.

රෝහිතගේ අවලාදය ඉදිරියට ගෙනයමින් ෆේස්බුක් අවකාශයේ මෙකී පුද්ගලයා ශාලික සමග පටලවන්නේ කවුද? මේ මඩකරි මෙහෙයුම ගෙනයන වෙල්මා, එළිය වැනි ෆේස්බුක් පේජ් මෙහෙයවන්නේ පොහොට්ටුවේ ඔඩොක්කු කුක්කන් විසින් බව පෙනේ. පහත ඡායාරූපයේ මිලින්ද රාජපක්ෂ සමග සිටින්නේ මේ මඩ මෙහෙයුමේ නියමුවෙකි.

රෝහිත අබේගුණවර්ධනට පාර්ලිමේන්තු වරප්‍රසද වලට මුවාවී බොරු කීම වෙනුවට සිය ප්‍රකාශයට අදාල සාක්ෂි ඉදිරිපත් කරන්නැයි අපි අභියෝග කරමු. නාමල් රාජපක්ෂටද තිරය පසුපස සැඟවී කුක්කන් උසි ගැන්වීම වෙනුවට කෙලින් පැමිණ මේ කරුණු ඔප්පු කරන ලෙසද අභියෝග කරමු.
සත්‍යය වෙනුවෙන් ඉදිරිපත් වෙමු….

Pubudu Jayagoda ගෙන්

Shalika Rukshan Senadheera

දැරියගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත පුද්ගලයා 

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...