වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යයි

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් වෛද්‍ය නෙවිල් ආතර් ප්‍රනාන්දු ජාතික බෝවන රෝග රෝහලේ දැඩි සත්කාර අංශයේ ප්‍රතිකාර ලබන අතර අසාධ්‍ය වී අද පෙබරවාරි 4 වනදා අභාවයට පත්ව තිබේ.

මිය යනවිට ඔහු 89 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු වඩාත් අවධානයට ලක් වූයේ වෛද්‍ය උපාධිය මුදලට ලබාදීම සඳහා මාලඹේ සයිටම් ආයතනය ආරම්භ කිරීමෙන් හා නෙවිල් ප්‍රනාන්දු රෝහල ආරම්භ කිරීම නිසාය. මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය ආරම් කළ අරගලයකට සෞඛ්‍ය සේවයේ හා මහජන ව්‍යාපාරවල සහාය ලැබීම නිසා එම උත්සාහය අත්හැර දැමූ ඔහු මෑතකදී සයිටම් ගොඩනැගිල්ල විකුණා දමන්නට දැන්වීම් පළකර තිබිණි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු 1977 ලංකාවේ 8වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පානදුර නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ලබා දුන් ඡන්ද පොරොන්දුවක් ඉටු කරමින් 1979 ඔක්තෝබර් 17 පානදුර කේතුමති කාන්තා රෝහල විවෘත කිරීමේ ගෞරවය හිමිකර ගත්තේය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් පෙබරවාරි 2 වැනි දින කොළඹ අයි.ඩී.එච් රෝහලට ඔහු ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභවප්‍රාප්ත වූයේය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...