Breaking News

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යයි

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් වෛද්‍ය නෙවිල් ආතර් ප්‍රනාන්දු ජාතික බෝවන රෝග රෝහලේ දැඩි සත්කාර අංශයේ ප්‍රතිකාර ලබන අතර අසාධ්‍ය වී අද පෙබරවාරි 4 වනදා අභාවයට පත්ව තිබේ.

මිය යනවිට ඔහු 89 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු වඩාත් අවධානයට ලක් වූයේ වෛද්‍ය උපාධිය මුදලට ලබාදීම සඳහා මාලඹේ සයිටම් ආයතනය ආරම්භ කිරීමෙන් හා නෙවිල් ප්‍රනාන්දු රෝහල ආරම්භ කිරීම නිසාය. මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය ආරම් කළ අරගලයකට සෞඛ්‍ය සේවයේ හා මහජන ව්‍යාපාරවල සහාය ලැබීම නිසා එම උත්සාහය අත්හැර දැමූ ඔහු මෑතකදී සයිටම් ගොඩනැගිල්ල විකුණා දමන්නට දැන්වීම් පළකර තිබිණි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු 1977 ලංකාවේ 8වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පානදුර නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ලබා දුන් ඡන්ද පොරොන්දුවක් ඉටු කරමින් 1979 ඔක්තෝබර් 17 පානදුර කේතුමති කාන්තා රෝහල විවෘත කිරීමේ ගෞරවය හිමිකර ගත්තේය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් පෙබරවාරි 2 වැනි දින කොළඹ අයි.ඩී.එච් රෝහලට ඔහු ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභවප්‍රාප්ත වූයේය.

leave a reply