නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයට නව නායකත්වයක්

නොවැම්බර් 5 වැනිදා කොළඹ, පදනම් අයතනයේ පැවති නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ පළමු සමුළුව අවස්ථාවේ එම ව්‍යාපාරයේ ඉදිරි ගමන සඳහා නායකත්ව මණ්ඩලයක් තෝරාපත් කරගනු ලැබිණි.

2011 ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව වාමාංශික කාන්තා ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණින් සංවිධානය වූ එවකට එම පක්ෂයේ ක්‍රියාකාරී වූ කාන්තාවන් විසින් 2012දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාන්තා අංශය ලෙස නිල වශයෙන් නැවත සංවිධානය කළ, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය, ගෙවී ගිය වසර 12ක කාලය තුළ ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සියලු පීඩිත කාන්තාවන් වෙනුවෙන් හඬ අවදි කළ අතර ලාංකීය කාන්තාවන්ගේ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පීඩාවන්ගෙන් ඔවුන් මුදා ගැනීමේ අරගලයේ භූමිකාවට පණ පොවන ලදී.

පවතින සමාජ ආර්ථික ගැටලුවල මෙන්ම කාන්තාවක වීම නිසා මුහුණ දෙන විශේෂ පීඩාව අහෝසි කිරීමේ අරමුණින් සමාජවාදය උදෙසා සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කාන්තාවන් දැනුවත් කිරීම, සංවිධානය කිරීම හා ස්වකීය ඓතිහාසික දේශපාලන භූමිකාවට කැඳවීම යන අරමුණින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ඉදිරියට වඩා ශක්තිමත් ලෙසත් පුළුල්වත් සටන් වදින බව නොවැම්බර් 5 වැනිදා මුළු දුන් කාන්තා සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.

එම සමුළුව විසින් තෝරා පත් කරගත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ලේකම් මණ්ඩලය සහ ජාතික කමිටුව:

සංවිධායක ලේකම් හේමමාලි අබේරත්න
ප්‍රචාරක ලේකම් රසෝදිනි ජයසූරිය
අධ්‍යාපන ලේකම් එරන්දි රණවීර
බහුජන කටයුතු ලේකම් නිරෝෂා ගුරුගේ
ජාත්‍යන්තර කටයුතු ලේකම් සිතාරා කුලරත්න
මුදල් ලේකම් දිල්කා සුරංගනී
ප්‍රියන්ති පියතිස්ස
නදීකා දිල්රුක්ෂි
නිරෝෂා වික්‍රමගේ
සුමුදු වීරක්කොඩි
සංකා රාමසිංහ

එදින පත් කරනු ලැබූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව:

ඉෂානි චාමිකා ගුණරත්න
අනෝජා සමරකෝන්
අනෝමා කුමාරි
නන්දා කාන්ති
නිලූකා මදුවන්ති
මාධවී මංචනායක
චාන්දනී වික්‍රමසිංහ
ධම්මිකා කන්කානම්ගේ
එම්. ඥානදේවී
ඉනෝකා කුමාරි
සුජාතා හේමකුමාරි
දිලූකා සඳමාලි
ධම්මිකා ජයවර්ධන
සමන්දනී නිශාන්ති
ලක්ෂ්මී බාලචන්ද්‍ර

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...