බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වැඩිම රටවල් අතරින් 2වැනි ස්ථානයේ පසුවෙයි.
1992 දෙසැම්බර් 18 වැනි දින 47/133 දරන යෝජනාවෙන් එක්සත් ජාතින් විසින් සියලුම රාජ්‍යයන් සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් ලෙස එහි මහා සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද බලහත්කාර අතුරුදහන්වීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ යෝජනාවලිය ප්‍රකාශනයට පත් කොට තිබේ.
ඒ අනුව එය බරපතල මානව හිමිකම් උල්ලංඝණයක් ලෙස හැඳින්වේ.
ලංකාවේ මෑතකාලීනව යුධ සමයේ සහ යුද්ධයෙන් පසුව විශාල පිරිසක් බලහත්කාරී අතුරුදහන්කිරීම්වලට ගොදුරු විය. නමුත් මේ වනතුරු ඔවුන්ට යුක්තිය ඉෂ්ඨ වී නැත.
මින් පෙර යුද්ධය අවසන් වූ වහාම මහින්ද රාජපක්ෂ පාලනයේ සිට වරින්වර ජීනීවා මානව හිමිකම් සමුළුවට මුහුණ දීමේ අරමුණ ඇති පිහිටුවන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව, දරුස්මාන් වාර්තාව සහ පරණගම කොමිසමේ වාර්තාව මගින් ද අතුරුදහන්වුවන් ගැන විමර්ශනය කළ අතර ඉන් පසු ඉදිරිපත් කර ඇති නිර්දේශ කිසිවක් ආණ්ඩු පක්ෂ විසින් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නැත. ඒම කොමිෂන් සභාවලට වැයකළ මුදල් හා කාලය පවා අපතේ ගිය බවක් හැඟන අන්දමට යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය පමාවිය.
එසේම අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබාදෙමින් බලයට පත්වූ යහපාලන ආණ්ඩුව අතුරුදහන්වූවන්ගේ කාර්යාලයක් ආරම්භ කළ නමුත් ඉන් කිසිවක් සිදු නොවීය.
නමුත් තම දරුවන්ට, ඥාතීන්ට සිදුවු අසාධාරණයට යුක්තිය ඉල්ලා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අරගල ක්‍රියාත්මක වෙමින් පවතියි. එම බොහොමයක් අරගල මේ වනවිට දින 2000ද පසු කර තිබේ.