රනිල්ගේ අත්තනෝමතික තීරණයකට එරෙහිව අධිකරණ තීන්දුවක්

වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 18 පැනවූ හදිසි නීතිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අරගලකරුවන් පාලනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා විසින් 2022 වසරේ ජූලි 17 වන දින දිවයින පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබිණි.

මෙම හදිසි නීති රෙගුලාසි පැනවීම මඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයකට අදාළව තීන්දුවක් ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ, නීති විරෝධී හදිසි නීතිය හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටයි.

නීතිය හා සමාජ භාරය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණ නාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරනු ලැබු හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර ඇත.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන බහුතර විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...