Breaking News

පින් මාළු වලේ මාළුබාන ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සූදානම් වෙන්නේ බොරදියේ මාළු ටිකක් බා ගන්න. ජනතාව පාරට බැහැලා රාජපක්ෂලා එපා මේ පාලන ක්‍රමයම එපා කියද්දි සජිත් කල්පනා කරන්නේ තමන්ට ඒ අවස්ථාව සලසා දෙන්න රටේ ජනතාව අරගල කරනවා කියයි.

මිනිහා නුවර සිට කොළඹට පාගමනක් සූදානම් කරලා. දැන් ඒ ගමන එනවා. කිලෝමීටර් දෙකක් තුනක් පයින් යන්න බැරි එකා, ජනතාවට පයින් යන්න කියලා ඌ වහානවල නාග නාග යනවා  . ප්‍රතිරූපය නංවා ගැනීමට එක එක නායකයෝ  කටවුට් පෝස්ටර්  පාක්ෂිකයන් අතට දීලා පා ගමනය ඇතුළෙත් තමන්ගේ  ප්‍රති රූප නංවා ගන්න  පාක්ෂිකයන්ව පාවිච්චි කරනවා .

ජනතාවගෙන් අහන්න තියෙන්නෙ මෙවැනි තක්කඩියන්ට  රටේ පාලන බලය නැවත මාරු වෙනවා නම්  මහන්සි වෙමින් අව්වැසි නොබලා රටේ ජනතාව කරන අරගලයේ ඵලය කුමක් ද කියයි…….

ජනතාව හමුවේ ඒ පැනය තබන අතරම  සජිත් ප්‍රේමදාස ඇතුළු  තක්කඩි දේශපාලුවන්ට කියන්නට තිබෙන්නේ උඹලට  ගෙන ජනතාව යහතින් ඉන්නට ඉඩ නොතබන බවයි.  රාජපක්ෂලා තඩියන් හොරුන් මිනීමරුවන් වන්නාසේම ප්‍රේමදාසලද හොරුන් තක්කඩියන් මිනීමරුවන්ය. නිල් වික්‍රමසිංහ මේ රට මේ අගාධයට හෙලන්නට දශක පහකට වැඩි කාලයක් විවිධ තනතුරු තානාන්තර දරමින් සිටි තවත් එක් තක්කඩියෙකි. හැත්තෑ වසරක් මේ රටේ දේශපාලනයේ හෙබවූ සියලු දෙනාම අද රට පත් වී තිබෙන ඉරණම කොටස්කරුවන්ය.

රාජපක්ෂලාව පන්නා දමන්න සේම උඹලා ඇතුළු තක්කඩියන් රැළම පන්නා දමා මේ රට තුළ නව පාලන ක්‍රමවේදයක් ඇති කිරීම රටේ වර්තමාන තරුණ පරපුරේ වුවමනාව බවද මතක තබාගත යුතුය.

මිනිසුනී කල්පනා කර බලපල්ලා උඹලා ඔය උස්සන් යන්නේ ඹලගෙ එදිනෙදා ජීවිතය මත පැටවී තිබෙන ප්‍රශ්න නොව  නුඹලාගේ නායකයන් යැයි කියාගන්නා  වුන්ගේ ප්‍රතිරූප වල බර බව.

අව්වට වැස්සට හුරු මිනිසුන්  හඳුනාගත හැක එක ඇස් බැල්මෙන් , නුඹලාගේ කරමත යන වුන් බලපල්ලා දිලිසෙන යුරු නුඹලා මැද දිස්නෙ දිදී

නුඹලා මත ඔය බර පටවන  පර හැත්තට පිටුපා දැන්  හරියල්ලා  නුඹලා දිනවන  අරගලය වෙත

leave a reply