2019 ජනාධිපතිවරණයේ දී ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ට ද, පසුව මහා මැතිවරණයේ දී, මහනුවරින් තරඟ කළ ලාල් කාන්ත ට ද මම ජන්දය ප්‍රකාශ කලෙමි. එසේම , මම රාජපක්ෂ දේශපාලනය තදට විවේචන කල / කරන අයෙක් මි. එසේ වූ මා, මේ මොහොතේ විශ්වාස කරනුයේ ගෝටාබය රාජපක්ෂ සහ පොදු ජන පෙරමුණ තව දුරටත් බලයේ සිටිය යුතු බවය. එයට ප්‍රධාන හේතුව නම්, ජාතිකවාදය පරාජය කිරීම, නිශ්චිත මොහොතේ, ජාතිකවාදයේ උපන් ගෙය හරහාම කළ ගත හැකි බවට මගේ මතය වේ.
2006 සිට, ජනතා බදු මුදලින්, බර අවිප්‍රහාර හරහා , තවමත් නිශ්චිත නොවූ සිවිල් ජනතාවක් මරා දමා සහ අතුරුදහන් කිරීමෙන් පසු ජාතිකවාදය රාජපක්ෂවරුන් හරහා දේශපාලන ආයතන ගත විය. එම දේශපාලන ප්‍රභවය වෙත ජනතා විමුක්ති පෙරමුණ සෘජුවම වගකිව යුතුය. ඇසට නොපෙනෙන ස්වාධිපත්‍ය සහ භූමියක් වෙනුවෙන්, එක ජනවර්ගයක ශ්‍රමික පංතියේ බදු මුදලින්, එම පන්තියෙම, තවත් ජනවර්ගයක් විනාශය කිරීම , මග හැරිය නොහැකි , දේශපාලන ක්‍රියාන්විතයක් බවට පත් කලේ ජනතා විමුක්ති පෙරමුණ බව මගේ මතය වේ. පසුකාලින ව, මෙම කණ්ඩායම, ජාතික ජන බලවේගය හරහා , ප්‍රගතිශීලිව , ජාතික ප්‍රශ්නය වටහා ගැනීමට කටයුතු කිරීමට උත්සහ කිරීමත් මෙහි සඳහන් කල යුතුය. කෙසේ නමුත්, මුලික ප්‍රකාශනය වෙත නැවත පැමිණිය හොත්, මානෙල් මල් ව්‍යපාර , මානුෂිය හමුදා ක්‍රියාන්විත, ‘අපෙන් එකෙකු වීමේ පිරිමි ආශාව ‘ ඇතිකිරීම හරහා, ජාතිකවාදය පෝෂණය කර, ශ්‍රමික පන්තිය තුල ආරෝපණය කරමින්, ආර්ථික අහිමි කිරීම්, ජනවාර්ගික හේතුවක් මත පවසමින්, දේශපාලන බලය ලබාගැනීමට සියලුම රාජපක්ෂ වරු කටයුතු කල අතර,එයට සුළු ධනේශ්වර පංති නියෝජිත විකල්ප දේශපාලන ධාරාවේ අනුබලය හිමිවිය. උදාහරණ ලෙස , වර්තමායේ දී සිවිල් නිදහස වෙනුවෙන් පෙනිසිටින හිටපු කතානායක කරු ජයසුරිය මහත්මා ඇතුළු කණ්ඩායම , රාජපක්ෂ දෑත් සවිමත් කිරීම වෙනුවෙන් පාර්ලිමේතුව තුළ එක්සත් ජාතික පක්ෂයෙන් අභිනිශ්ක්‍රමය කිරීම පෙන්විය හැකිය
“අන්න උඹලාගේ නායකයා මලා ” ලෙස විමුක්ති කොටි නායකත්වය මරා දැමීම, තමන්ගේ දෙමළ සමීපතමයන් වෙත පැවසීම ට හැකිවන ජන විඥානය ගොඩ නැගුනේ මෙම ජාතකවාදය හරහා වේ. තමන්ගේ ම ශ්‍රම පංතිය ට අයත් ස්ත්‍රීන් ගේ බුර්කාව බලහත්කාරයෙන් ගැලවීම උත්සහ කල ජන හැසිරීම මෙම ජාතිකවාදයේ දිගුවක්ය. එසේම, වඳ ඇඳුම් , වඳ කොත්තු වෙනුවට ‘තිලකවර්ධ’ ගොස් ‘සිංහල ජාතික හෝටලෙන් ‘ කෑම කමින්, වෛරී ජන ජිවන රටාවක් ඇති කලේ මෙම ජාතිකවාදය වේ. එම ජාතික වාදය පසුකාලිනව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පාටලී චම්පික, භික්ෂුන් වන අතුරලියේ රතන, මැදගොඩ අබයතිස්ස, විවිධ වෘත්තීය සංවිධාන (පිරිමි මුලික ) කටයුතු කරන ලදී.
උදහාරණයක් ලෙස, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස භික්ෂුව ඇතුළු විශාල භික්ෂුන් පිරිසක්, මෙරට නිතිය තුල, සරණාගතව රැඳී සිටි රෝහින්‍ය ජාතිකයන් වෙත තර්ජනය කර සිදුකළ පීඩනය, මෙම ජාතිකවාදයේ එක් අවස්ථාවකි. එසේම මෑතක දී දී, ජාතිකවාදයේ ශ්‍රී ලාංකික න්‍යායයාචාරයා වන මහාචාර්ය නලින් ද සිල්වා , ජාතිකවාදීන් විසින් අත්රුදහන් කරන ලද ප්‍රගීත් එක්නැළිගොඩ සොයමින් ඇවිදින සන්ධ්‍යා හඳුන්වනු ලැබුවේ ‘අවධානය ලබාගැනීම ට ක්‍රියා කරන කතක් ලෙසය ‘. මෙලෙස වූ, අශිෂ්ට දේශපාලන ප්‍රකාශන සිදුකරන, දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගී ජාතිකවාදය, මේ මොහොතේ, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇත.
දෙමළ හෝ මුසිලිම් ජනයා ඝාතනය කිරීම , ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලෙස සලකා, කිරිබත් කා ,නිදි පැදුරේ සිටි, සිංහල-බෞද්ධ මැද පාංතිකයන් , මේ මොහොතේ විවිධ පෝලිම් වල, දැඩි වෙහෙසකින් රැඳී සිටීම ට දැකීම කණගාටුව ට කරුණකි. මේ ජනයාගේ චින්තය ගොඩ නැගී පාර්ශ්වය නිරන්තරයෙන් අවධානය කරනු ලැබුවේ , නිදහස් රාජ්‍යක් වෙනුවෙන් තම වාර්ගික අනෙකා මර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවත්, ප්‍රතිපලයක් ලෙස දැඩිව දියුනු කල යටිතල පහසුකම් සහිත ‘නව සංවර්ධිත රාජ්‍යක්’ ලබා දීමට කටයුතු කරන බවය. නමුත්, අවාසනාවන්ත ලෙස, එම ජාතිකවාදය ට 2009 දී උතුරේ දෙමළ ජනයා කැඳ පෝලිමේ තැබූ ලෙසම දකුණේ සිංහල- බෞද්ධ මධ්‍යම පාංතිකයාද විවිධ පෝලිම් වල තැබිය.
එසේ ජනයා පෝලිමේ තබමින්, ආර්ථික පිඩාවක් ඇතිකරන මෙම ආණ්ඩුව ට ගොදර නොයා, තවදුරටත් බලයේ රැදී සිටීම අවශ්‍ය බව යෝජනා කරන්නේ ඇයි ? මේ මොහොතේ වන ආර්ථික අර්බුධය විසිදීම ට, ආණ්ඩුව ට ගතහැක්කේ ‘ජාතිකවාදී ප්‍රවේශය නොව ‘ ‘ධනේශ්වර ලිබරල් ‘ ප්‍රවේශය බව , මේ ගෙවෙන මොහොත වන විට පසක් කර අවසන්ය. ජාතිකවාදය යනුම ලිබරල් ධනේශ්වර ක්‍රමයේ නිර්මාණයක් වුවද , එය ශ්‍රී ලංකා දේශපාලනය සමඟ ඒකරාශී වන්නේ කුරහන් සාටකය , අපේ කම , අපේ ගම සහ අපේ රට යන ක්‍රමවේද හරහා වේ. රනිල් වික්‍රමසිංහගේ ලිබරල් චින්තනය, ජනතාව හදුන්වා ගනු ලබන්නේ ‘රට බටහිර කුමන්ත්‍රණ’ වෙත පවා දීමක් ලෙස වුවද , මහින්ද රාජපක්ෂ කඳවුරේ ලිබරල් චින්තනය ‘රට රැකීමක් ‘ ලෙසට වරනැගී ඇත. එය බිඳ දමා, ජනතාවට ධනේශ්වර ක්‍රමය තුල පවතින පිඩාව, ජාතිකවාදය හරහා ජනවාර්ගික පිඩාවක් බවට පෙන්වා දෙමින්, සුරාකෑමට, චීන ලිබරල් ප්‍රතිසංස්කරණ මගින්, මිනිසුන් මරාදමා,ආණ්ඩුවට පවරාගත් භුමිය විකිණීම, බදු දීම පෙන්වා දිය හැකි අවස්ථා වක් මේ ගෙවෙන මොහොතේ උදා වී තිබේ. එය අහිමි කර ගැනීමට පාර්ලිමේන්තු මැතිවරණයක් වෙත යාම , ඉතාමත් භයානක තීරණයකි. මන්දයත් රනිල් -පාටලී -අනුර – හරහා වන සංධාන, ජාතිකවාදයෙන් මිදී තිබෙන ජන විඥාන ‘බටහිර -චීන කුමන්ත්‍රණ ‘ ලෙස පිළිගැනීමත් එය පරාජය කිරීමට රාජපක්ෂවරු නැවත බලයට ගෙන ඒමට කටයුතු කිරීමටත් හැකිවීමය.
මේ මොහොතේ, සිදු කල යුත්තේ, රාජපක්ෂ ආණ්ඩුවට බලකරමින්, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකර ගැනීමය. නිදසුනක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරගැනීම හෝ පනත සම්පුර්ණයෙන් අහෝසි කර ගැනීම; අතුරුදහන් වූ ජනයා වෙනුවෙන් වූ කාර්යාලය නැවත ක්‍රියාත්මක කිරීම, අතුරුදහන් කරන ලද ප්‍රජාව වෙනුවෙන් වූ යුක්තිය ඉටුකිරීමේ ක්‍රියා මාර්ග කඩිනම් කිරීම, හමුදාව විසින් අත්පත් කරගෙන ඇති උතුරේ ඉඩම් , හිමිකාරිත් ව වෙත ආපසු පැවරීම; සිවිල් සහ දේශපාලන සම්මුතිය යටතේ නඩු පවරමින් සිවිල් නිදහස අහිමි කිරීමට විරුද්ධ නීති සම්පාදයනය යනාදියයි. මෙම ප්‍රතිසංස්කරණ රාජපක්ෂ වරු සිදුකිරීම හරහා ජාතිකවාදයෙන් මිදී තිබෙන ජනමනස මෙම ගැටළු වෙනත් මානයකින් බලනු ඇත. එසේම, දෙමළ ඩයස්පෝරාව විසින්, ආණ්ඩුව වෙත සිදුකරන ආරථික සහයෝගීතා ප්‍රසිද්ධ කල යුතුය.
මෙම සියලු ක්‍රියා මාර්ග , මේ මොහොතේ දේශපාලනයට වැදගත් වේ. එසේම වටහාගත යුතු කරන නම්, මෙම ක්‍රියාමාර්ග ව්‍යුහාත්මකව ගොඩනැගී තිබෙන ගැටළු වෙත තවකාලික විසදුම් වේ. මේ මොහොතේ විසදුම් සොයන පාර්ශ්වය නියෝජනය කරනු යේ මධ්‍යම පාංතික – ඉහළ මධ්‍යම පාංතික කොට්ටාශ පමණි. ඔවුන් හට වැඩකරන ශ්‍රමික පංති විඥානය දිගු කාලින ව සංවිධානය කිරීමට නොහැකිය. ඒ වෙනුවෙන් වෘත්තීය සමිති ව්‍යපාරයක් අවශ්‍ය වේ. එම වෘත්තීය සමිති ව්‍යාපාරය නැවුම් විය යුතුය. එය පිරිමි මුලික නොවිය යුතුය. එය මාධ්‍යම පාංතික අවශ්‍යතාවන් ගේ නිරුපනයක් ද නොවිය යුතුය. මුලිකව ම එය ජාතිවාදී දේශපාලනයෙන් තොර විය යුතුය. එවිට මෙම තවකාලික ලිබරල් ප්‍රතිසංස්කරණ හරහා උත්පාදනය විය හැකි ගැටළු ආමන්ත්‍රණය කරමින්, නොනවතින අරගලයක් ගෙන යමින් වැඩකරන පංතිය යේ හඬ වනු ඇත.
මේ අර්බුදය තුල මැතිවරණ හරහා බලය ලබාගැනීම ට උත්සහා කරමින් සිටිනුයේ , වැඩකරන පංතියේ නියෝජනය නොව, මධ්‍යම – පාංතික ආණ්ඩු මාරු කිරීමෙන් තම පංතිය සුරැකීමට ගන්නා ක්‍රියාන්විතයක් පමණක් බවත් පවසමින් මෙම ලිපිය අවසන් කරමි. සිදු කල යුත්තේ ‘උරාගේ මාළු උරාගේ පිටේ සිට කැපීම ‘ මිස ‘පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම ‘ නොවේ. මේ සියලුම අරබුධයන් හි පසුබිම ‘ධනේශ්වර ක්‍රමය සමග බැදී ජාතිකවාදය වේ ‘