ඉන්ධන අර්බුදයක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීම්

සපුගස්කන්ද ඉන්ධන ගබඩාවේ ඉන්ධන ප්‍රමාණවත් වන්නේ නොවැම්බර් මස 11 වන දිනට පමණක් බව ඛණිජ තෙල් සංස්ථාවට අනුබද්ධිත වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇති ආකාරය ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඔවුන්ට අනුව නැවත ඉන්ධන නැවක් පැමිණිමට නියමිතව තිබෙන්නේ දෙසැම්බර් 14 වැනිදාය. ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිනෙදා පවතින මුදල් ප්‍රමාණයන්ට අනුව මේවනවිට ඉන්ධන මිලදී ගැනීම සිදුකරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභපති අශෝක රන්වල පවසා ඇත.

මෙරට ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීමට තමුන් විසින් ගන්නා ක්‍රියාමාර්ග කිසිවක් ගැන ආණ්ඩුව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. මේ තත්වය හමුවේ ඊයේ සන්ධ්‍යාවේ (21) පටන් ඉන්ධන පිරවුම් හල්වල ඉදිරියේ පෝලිම් ගැසෙන වාහන දැකිය හැකිව තිබිණි.

එසේම බොහෝ ඉන්ධන පිරවුමම්හල්වල ඉන්ධන නොමැති තත්වයක්ද උදා වී තිබෙනු දැකිය හැකි විය.

පසුගිය කාලයේ ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිළ පවසමින් සිටියේ ඉන්ධන මිළ වැඩිවීමක් හෝ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ආණ්ඩුවෙන් සහනදායි ප්‍රතිපාදනයක් ලැබිය යුතු බවයි.

මේ අතර අවුරුදු 20ක දීර්ඝ කාලීන ණයක් යටතේ ලබන වසරට අවැසි ඉන්ධන තොග ලබාදීමට ඕමාන් රජය විසින් එකඟතාවය පළකර තිබිණි. එසේ වුවද ඊයේ වෘත්තීය සමිති වාර්තා කළ ආකාරයට තත්වයේ බරපතල බවයි.

මේ අතර සපුගස්කන්දේ ඉන්ධන ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටද ආණ්ඩුව අපොහොසත්ව තිබෙන බව පහු ගිය දා මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වුවද සංස්ථාව ලබමින් තිබෙන පාඩුව පියවා ගැනීමට නම් පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක මිළ රුපියල් 50කින් වැඩි කළ යුතු බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශ කර තිබිණි. ඉන්ධන මිළ මෙපමණ ඉහළ ගියහොත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිළ තවත් ඉහළ යාම නොවැළැක්විය හැකි හේතුවක් වනු ඇත.

දැනටම ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුව ලෙස දක්වමින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට ලංකා IOC සමගම තීරණය කර තිබේ.

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මකවන මෙම තීරණය අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට IOC ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගන්නා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක්ද රුපියල් 111කට පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116ක්ද වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...