ඉන්ධන අර්බුදයක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීම්

සපුගස්කන්ද ඉන්ධන ගබඩාවේ ඉන්ධන ප්‍රමාණවත් වන්නේ නොවැම්බර් මස 11 වන දිනට පමණක් බව ඛණිජ තෙල් සංස්ථාවට අනුබද්ධිත වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇති ආකාරය ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඔවුන්ට අනුව නැවත ඉන්ධන නැවක් පැමිණිමට නියමිතව තිබෙන්නේ දෙසැම්බර් 14 වැනිදාය. ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිනෙදා පවතින මුදල් ප්‍රමාණයන්ට අනුව මේවනවිට ඉන්ධන මිලදී ගැනීම සිදුකරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභපති අශෝක රන්වල පවසා ඇත.

මෙරට ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීමට තමුන් විසින් ගන්නා ක්‍රියාමාර්ග කිසිවක් ගැන ආණ්ඩුව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. මේ තත්වය හමුවේ ඊයේ සන්ධ්‍යාවේ (21) පටන් ඉන්ධන පිරවුම් හල්වල ඉදිරියේ පෝලිම් ගැසෙන වාහන දැකිය හැකිව තිබිණි.

එසේම බොහෝ ඉන්ධන පිරවුමම්හල්වල ඉන්ධන නොමැති තත්වයක්ද උදා වී තිබෙනු දැකිය හැකි විය.

පසුගිය කාලයේ ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිළ පවසමින් සිටියේ ඉන්ධන මිළ වැඩිවීමක් හෝ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ආණ්ඩුවෙන් සහනදායි ප්‍රතිපාදනයක් ලැබිය යුතු බවයි.

මේ අතර අවුරුදු 20ක දීර්ඝ කාලීන ණයක් යටතේ ලබන වසරට අවැසි ඉන්ධන තොග ලබාදීමට ඕමාන් රජය විසින් එකඟතාවය පළකර තිබිණි. එසේ වුවද ඊයේ වෘත්තීය සමිති වාර්තා කළ ආකාරයට තත්වයේ බරපතල බවයි.

මේ අතර සපුගස්කන්දේ ඉන්ධන ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටද ආණ්ඩුව අපොහොසත්ව තිබෙන බව පහු ගිය දා මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වුවද සංස්ථාව ලබමින් තිබෙන පාඩුව පියවා ගැනීමට නම් පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක මිළ රුපියල් 50කින් වැඩි කළ යුතු බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශ කර තිබිණි. ඉන්ධන මිළ මෙපමණ ඉහළ ගියහොත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිළ තවත් ඉහළ යාම නොවැළැක්විය හැකි හේතුවක් වනු ඇත.

දැනටම ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුව ලෙස දක්වමින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට ලංකා IOC සමගම තීරණය කර තිබේ.

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මකවන මෙම තීරණය අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට IOC ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගන්නා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක්ද රුපියල් 111කට පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116ක්ද වේ.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...