පාසල් දරුවෙකු සම්බන්ධ වීඩියෝව ගැන විමර්ශනයක් ඇරඹේ

සමාජ මාධ්‍යයේ ඉමහත් කතා බහකට ලක්වූ ගුරුවරයෙකු පාසල් දරුවෙකුට පහරදීමට සූදානම් වන දර්ශනය ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධානය යොමුවී තිබේ.

ඒ අනුව, අදාළ වීඩියෝවේ ඇතුළත් පාසල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර, එය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කළ බවයි ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසා ඇත.

දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීම නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් අදාළ ආයතන සමඟ එක්ව ආරම්භ කරන බවත් සභාපතිවරයා පවසනවා.

එම දරුවා සජීවී වැඩසටහනකට ගෙන්වා ලෝකයටම නිරාවරණය කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී නාලිකාවට හා නිවේදක රංගන ද සිල්වා මහතාට දැඩි විරෝධයක් සමාජ මාධ්‍ය හරහා එල්ල වූ අතර ඒ හේතුවෙන් ඊයේ (27) රාත්‍රියේ විකාශය වූ හිත ඉල්ලන තරු වැඩසටහනට වෙනත් ආරාධිතයන් පිරිසක් ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණා.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීම ආරම්භ වී දැනට සති දෙකක් පමණ වන අතර ළමා රක්ෂණ අධිකාරිය අද දිනය වනතුරු එයට එරෙහිව පියවර ගෙන නොතිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...