විදුලි සේවක ප්‍රශ්නයේදී ආණ්ඩුවට වෙන පාරක් නැද්ද?

සංශෝධිත විදුලි බල පනත ක්‍රියාත්මක වීම වළක්වාලන ලෙස බලකරමින් විදුලි සේවකයින් විසින් ආරම්භ කර තිබෙන
අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩල සේවකයන් පවසයි. නව ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විදුලි බල මණ්ඩලය පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් හතරකට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක් එක්ව විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා ලදී.

මේ අතර ආණ්ඩුවේ විවිධ මර්දනකාරී මෙන්ම විසුළු සහගත ප්‍රතිචාර දක්වමින් සිටියි. පළමුවෙන්ම ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැස්වීමකදී ‘කරලා බලමු’ තර්ජනාත්මක ප්‍රකාශයකි. ඊට අමතරව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්සගෙන් දිගින් දිගටම පිටවෙන්නේ ඉන්න බැරිනම් යන්න වර්ගයේ ප්‍රකාශයි.

අවසානයේ ආණ්ඩුවේ තර්ජනයෙන් තවත් ඉදිරියට ගොස් විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් ගසන ලදී. මෙය ජේ. ආර්. ආණ්ඩුව ජූලි වර්ජනය සුනුවිසුනු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද පනතකි. ඉන පසු ආණ්ඩුව විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කරන ලදී. එසේම විදුලි බල ලංකා විදුලි සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් සහ වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ඇමතුමක් හරහා විදුලි සේවකයෙකුට තර්ජනය කරන ආකාරයට දැකිය හැකිවිය. දැන් රන්ජන් ජයලාල් පවසන්නේ විදුලි වෘත්තීය සමිති නායකයන්ගේ වත්කම් හෙළිකිරීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රශ්නයක් ලෙස ඇත්තේ ඇත්තටම ආණ්ඩුව කියන ආකාරයට විදුලි බල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට අදහසක් නැත්නම් මේ තරම් හතර අතේ දඟලන්නේ ඇයිද යන්නයි. සේවකයන්ට කරුණු පැහැදිලි කරමින් මේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නැති වීමට හේතුව කුමක්ද යන්න ගැටළුවක් ලෙස පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...