විදුලි සේවක ප්‍රශ්නයේදී ආණ්ඩුවට වෙන පාරක් නැද්ද?

Date:

සංශෝධිත විදුලි බල පනත ක්‍රියාත්මක වීම වළක්වාලන ලෙස බලකරමින් විදුලි සේවකයින් විසින් ආරම්භ කර තිබෙන
අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩල සේවකයන් පවසයි. නව ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විදුලි බල මණ්ඩලය පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් හතරකට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක් එක්ව විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා ලදී.

මේ අතර ආණ්ඩුවේ විවිධ මර්දනකාරී මෙන්ම විසුළු සහගත ප්‍රතිචාර දක්වමින් සිටියි. පළමුවෙන්ම ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැස්වීමකදී ‘කරලා බලමු’ තර්ජනාත්මක ප්‍රකාශයකි. ඊට අමතරව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්සගෙන් දිගින් දිගටම පිටවෙන්නේ ඉන්න බැරිනම් යන්න වර්ගයේ ප්‍රකාශයි.

අවසානයේ ආණ්ඩුවේ තර්ජනයෙන් තවත් ඉදිරියට ගොස් විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් ගසන ලදී. මෙය ජේ. ආර්. ආණ්ඩුව ජූලි වර්ජනය සුනුවිසුනු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද පනතකි. ඉන පසු ආණ්ඩුව විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කරන ලදී. එසේම විදුලි බල ලංකා විදුලි සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් සහ වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ඇමතුමක් හරහා විදුලි සේවකයෙකුට තර්ජනය කරන ආකාරයට දැකිය හැකිවිය. දැන් රන්ජන් ජයලාල් පවසන්නේ විදුලි වෘත්තීය සමිති නායකයන්ගේ වත්කම් හෙළිකිරීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රශ්නයක් ලෙස ඇත්තේ ඇත්තටම ආණ්ඩුව කියන ආකාරයට විදුලි බල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට අදහසක් නැත්නම් මේ තරම් හතර අතේ දඟලන්නේ ඇයිද යන්නයි. සේවකයන්ට කරුණු පැහැදිලි කරමින් මේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නැති වීමට හේතුව කුමක්ද යන්න ගැටළුවක් ලෙස පවතියි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...