පසුගිය වසරේ කඳුකර කොටි 07ක් මිය ගිහින්

ගෙවී ගිය 2021 වසරේදී මධ්‍යම පළාත තුළ කඳුකර කොටියන් 7 දෙනකු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි.

ආගරපතන, බෝපත්තලාව, දික්ඔය, මුල්ඔය, රජ්ජම්මන, කැනියෝන් සහ මහගලහින්න යන ප්‍රදේශවලදී මෙම කඳුකර කොටියන් මිය ගොස් ඇතැයිද එම නිලධාරීන් පවසා තිබේ.

සෑම වසරකම කඳුකර කොටියන් රැසක් විවිධ වු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙසේ මිය යන බවත්, සතුන් දඩයම් කර ගැනීමට අටවන ලද කම්බි මදුවලට හසුව එම සතුන්ගෙන් වැඩි බහුතරයක් මියයන බවත් වනජීවී නිලධාරීන් පවසා ඇත.

කඳුකර කොටියන් හා වන සතුන් ඉලක්ක කර ගනිමින් අටවා තිබු කම්බි මදු හා වෙනත් මරඋඟුල් රැසක් පසුගිය වසරේ ඉවත් කිරීමට පියවර ගත් බවත්, ඊට අමතරව එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...