20 හුටපට ආණ්ඩු පක්ෂයේම ගුටිබැට

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වුවද තමන්ට 20 වැනි සංශෝධනයට පක්ෂපාතිව ඡන්දය දීමට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ ක්‍රියාදාමයේ කොටස්කරුවකුව සිටි බව පවසන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ, එම ක්‍රියාවලිය වෙනස් කිරීමේ සංශෝධනයකට හෘදයසාක්ෂියට එකඟව සහයෝගය දිය නොහැකි බවය. තමන් නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු කුමන තීරණයක් ගනීද යන්න කිව නොහැකි නමුත් තමන්ට මේ සඳහා පක්ෂව ඡන්දය දිය නොහැකි බව හිටපු ජනාධිපතිවරයා සිය ලිපියේ අවධාරනය කර ඇති බව දැනගන්නට ඇත.


අද(21) පාර්ලිමේන්තුවේදී ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරු බිලිබා ගැනීමට ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයා කළ උත්සාහයකදී ඒය වැළැක්වීමට මැදිහත්වූ විමල් වීරවංශ මන්ත්‍රිවරයා සමග ආරවුලක් ඇතිව තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරු හමු වෙමින් 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන්නේ නම් විවිධ වරප්‍රසාද හා තනතුරු හිමිකරගත හැකි බවට කැටගොඩ මන්ත්‍රිවරයා පවසා ඔවුන් ඊට ඒකඟ කරවා ගැනීඹට තැත්කර ඇත. ඒ බව දැනගත් ජා.නි.පෙ. නායක විමල් වීරවංශ මේ ආකාරයට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රිවරු පහත් තැනට වැටී ඇති ආකාරය අගමැති මහින්ද රාජපක්ෂ වෙත දන්වා ඇත. එහිදී කැටගොඩ මන්ත්‍රිවරයා සහ විමල් වීරවංශ මන්ත්‍රිවරයා අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...