රාජ්‍ය සේවිකාවන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදුවට තවමත් විසඳුමක් නැහැ – දෙවන වරටත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අලුතින් රාජ්‍ය සේවයට එක්වන අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ගේ, ඩිප්ලෝමාධාරිනියන්ගේ සහ අඩු ආදායම්ලාභිනියන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීමට එරෙහිව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය, වෘත්තීය සමිති හා කාන්තා සංවිධාන විසින් ඊයේ (12) දෙවැනි වරටත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

පසුගිය වසරේ සැප්තැම්බර් 07 වැනිදා ද මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදු කළ අතර එහි පැමිණිලි විභාගය ද ඊයේ සිදුවිය. දින 84ක් ලබාදිය යුතු ප්‍රසූත නිවාඩු දින සංඛ්‍යාව 42ක් දක්වා අඩු කර ඇතැයි ද දින 42ක් වෙනුවට සම්පූර්ණ ප්‍රසූත නිවාඩු දින ගණන ලබාදෙන ලෙසට අදාළ අමාත්‍යාංශයට නිර්දේශ කරන ලෙස ද මෙම පැමිණිලි හරහා ඉල්ලා ඇත.

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පෙන්වා දුන්නේ, ආණ්ඩුව විසින් පසුගිය සැප්තැම්බර් 2 දින අභ්‍යාස ලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයට බදවා ගත් පිරිසෙන් බහුතරයක් වන උපාධිධාරිනියන්ට මෙන්ම අඩු ආදායම්ලාභීන්ට රැකියා ප්‍රධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ බදවාගත් කාන්තාවන්ට ප්‍රසුත නිවාඩුව හරි අඩකින් කප්පාදු කර ඇති බවයි.

ධම්මික මුණසිංහ වැඩිදුරටත් පැවසුවේ,

“ආයතන සංග්‍රහයේ 18 වන වගන්තියේ තියනවා ස්ථිර, තාවකාලික, අනියම් , අභ්‍යාසලාභි නිලධාරීනියන්ට මේ වගන්තිය යටතේ වැඩ කරන දින 84 ක ප්‍රසුත නිවාඩු දෙන්න ඔන කියලා. එතකොට මේ ආයතන සංග්‍රහයට පිටින් ගිහිල්ලා තමයි මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ දරුවන් ගැන දුකෙන් කතා කරන, මව්වරුන් ගැන දුකෙන් කතා කරන ආණ්ඩුව ප්‍රසුත නිවාඩු කප්පාදු කරේ. “

“මේ අතර 2020 දෙසැම්බර් 24 දින රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් විසින් අමාත්‍යාංශ ලේකම් වෙත ලිපියක් මගින් දන්වා ඇත්තේ දින 84 ප‍්‍රසූත නිවාඩු ලබාදීමට අදාළ කැබිනට් සංදේශය කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙසයි. නමුත් මාස 3ක් ආසන්න වෙතත් ඒ කිසිවක් සිදුව නැත. ඛේදවාචකය වන්නේ ලේකම් එවැනි ලිපියක් ලද බවක් පිලිනොගැනීමයි. ඇමතිවරයාගේ නියෝගයක් පිලිනොගන්නා ලේකම් කෙනෙක් සිටින ආණ්ඩුවකි මේ. නැවතත් අවධාරණය කරන්නේ ආයතන සංග‍්‍රහය තුළ හිමි ප‍්‍රසූත නිවාඩු වැඩකරන දින 84 කාලය ලබාදෙන ලෙසයි”

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...