මුදල් අමාත්‍යාංශයට යන බදු උදය ගම්මන්පිල පැත්තට හරවගන්න යයි

මුදල් අමාත්‍යංශය ඉන්ධන මත පනවා ඇති බදු මගින් දිනකට රුපියල් මිලියන 367 උපයා ගන්නා බව අද මාධ්‍ය හමුවේදී බලශක්ති ඇමති උදය ගම්මන්පිල ප්‍රකාශකර සිටියා. දෛනිකව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන පාඩුව රුපියල් මිලියන 551 ක් බවද එහිදී ඔහු ප්‍රකාශ කළ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගිහින් තිබීම හේතුවෙන් ඉදිරියේ දී ඉන්ධන මිල ද ඉහළ දැමීමට සිදුවෙන බවත් ඒ සඳහා දැනටමත් මුදල් අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා තිබෙන බවත් ප්‍රකාශ කර සිටියා. මේ අතර ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළොත් මහජනයා මත පැටවෙන බර අවම කිරීමට හැකියාවක් තිබෙන බව ද උදය ගම්මන්පිල පෙන්වා දෙනවා.

ඉන්ධන මත පනවා තිබෙන බදු මුදල් අමාත්‍යංශය ඉවත් කර ගතහොත් එහි සහනය යන්නේ කාටද? ඉන් කිසිදු සහනයක් මහජනතාවට සිදු වන්නේ නැහැ…. සිදු වන්නට නියමිතව තිබෙන්නේ ගම්මන්පිළ ප්‍රකාශ කරන ආකාරයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ලබන පාඩුව අවම කරගැනීම සඳහා මුදල් අමාත්‍යංශය දෛනිකව ලබාගත් බදු මුදල ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කර ගැනීමයි. එසේ වුව ද අවසානයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යෑම ප්‍රකාශ කරමින් ඉන්ධන මිල ඉහළ දැමීම සිදු වීම අනිවාර්යයකි.

අපට පෙනෙන ආකාරයට නම් උදය ගම්මන්පිල මේ සූදානම් වෙන්නේ ජනතාව තොටිල්ලේ දමා නලවා කුක්කු බෝතලය කටට දී පසුව ඉන්ධන මිල වැඩි කිරීමටයි. මේ මාධ්‍ය හමුවෙන් සිදු කරනු ලැබූවේ ඉන්ධන මිල වැඩි කිරීමට අවශ්‍ය කරන ජනතාවගේ මනස සූදානම් කිරීමේ වැඩපිළිවෙලයි .දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ මුදල් අමාත්‍යංශය තමන්ට ලැබෙන බදු මුදල් අය කර නොගෙන සිටි කියන උපකල්පනයට වත් අපට එන්න බැහැ.

ඊළඟ මාධ්‍ය සාකච්ඡාවේදී ගම්මන්පිල ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙන්නේ මුදල් අමාත්‍යංශය තමන්ගේ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුන් නිසා අනිවාර්යයෙන්ම ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑම සලකා බලා මෙරට ඉන්ධන මිල ද ඉහළ දැමීමට සිදු වනවා කියන එකයි.

මේ දිනවල සිදුකෙරෙන මාධ්‍ය සාකච්ඡා වල කතාබහට ගන්නා කරුණු අනුව අමාත්‍යාංශයෙන් අමාත්‍යාංශයට ආණ්ඩුවක් තියෙනවද කියන ප්‍රශ්නයත් මතු වෙනවා. ඒ අනුව ගෝඨාභය ගේ ආණ්ඩු කෙරුවාවේ ප්‍රමාණය ජනතාවට වටහා ගැනීමට හැකිය .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...