ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් ගැටළු විසදයි ද?

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව  ව සෞඛ්‍ය ඇමති  වෛද්‍ය රමේෂ් පතිරණ විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර තිබේ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද  විජේවික්‍රම 1992 රාජ්‍ය සේවයට එක් වී තිබෙන අතර ඔහු මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ  ජේෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ  ධූර කාලය තුළ මේ රටට ගෙන්වූ වෛද්‍ය උපකරණ සහ ඖෂධ  සම්බන්ධ ගැටළු වලදී  ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත  දැඩි විරෝධයක් එල්ල වී තිබුණි. කෙසේ  වෙතත් ඒ ගැටලු ප්‍රශ්න කිසිවක් මේ වන විටත් නිරාකරණය වී නොමැති පසුබිමක් යටතේ තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්වන්නේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...