ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් ගැටළු විසදයි ද?

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව  ව සෞඛ්‍ය ඇමති  වෛද්‍ය රමේෂ් පතිරණ විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර තිබේ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද  විජේවික්‍රම 1992 රාජ්‍ය සේවයට එක් වී තිබෙන අතර ඔහු මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ  ජේෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ  ධූර කාලය තුළ මේ රටට ගෙන්වූ වෛද්‍ය උපකරණ සහ ඖෂධ  සම්බන්ධ ගැටළු වලදී  ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත  දැඩි විරෝධයක් එල්ල වී තිබුණි. කෙසේ  වෙතත් ඒ ගැටලු ප්‍රශ්න කිසිවක් මේ වන විටත් නිරාකරණය වී නොමැති පසුබිමක් යටතේ තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්වන්නේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...