නැවතත් මිනී විකුනා චන්ද වාසි ලබා ගැනීම හෙලා දකිමු!!

ඔබ නිරාහාරව මිය ගියේ නම්
ඔවුන් ඔබේ මරණය සඟවනු ඇත
ඔබ සියදිවිනසා ගත්තේ නම්
ඔබ මැවුම්කාරයාට එරෙහි වූ බවට දොස් පවරනු ඇත
ඔබ ලෙඩ රෝගවලින් මිය ගියේ නම්
එය ඔබේ නොසැලකිල්ල මත සිදු වූයේ යැයි කියනු ඇත
ඔබ දේශපාලන සැලසුමකට අනුව මිය යන්නේ නම්
ඔබේ මරණයට ඔවුන් වටිනාකමක් දෙනු ඇත

හිල්මි සුපුන්

 

 

 


අදත් අප්‍රියෙල් 21 තමයි. !!!
පහසුවෙන්ම වලක්වාගත හැකි මිනිස් ඝාතනයක් සිදු වි ඒ කිසිදු අපරාධකරුවෙකු අල්ලා නොගෙන දින 365 ක් ගත වී හමාරය. වසරක් ගත් වීත්.. එයට වගකිව යුතු කිසිවෙකුත් සොයා ගැනීමට අසමත් වී, මැතිවරණයක් ආසන්න වූ විට පමණක් ඒ අහිංසක මිනිසුන්ගේ මිනී විකුනා වාසි ලබා ගැනිමේ පහත් උත්සහය හෙලා දකිමු.

පසුගිය ජනාධිපතිවරණය තෙක්ම හැම මාසෙකම 21 වැනිදාට පාස්කු ප්‍රහාරයට දින ගැනීම අමතක නොවුනත් ජනාධිපතිවරණය අවසන් වූ වහාම ඒ මිනිසුන්ගේ නැතිවුනු ජීවත වෙනුවෙන් කඳුලු සැලීම නතර වුනේ ඇයි??

දැන් මේ ඉතාමත් අසීරු මොහොතක මහ මැතිවරණයක් බලෙන් ජනතාව මත පටවා ඇති මොහොතක, විලි ලැජ්ජා නැතිව අගමැතිවරයාම ජාතිය අමතා ඒ ම්ලේජ්ච් මිනිමැරුම සැමරීමට පහනක් දල්වන්නලු..
ඒ කිසිම හිරිකිතයක් නැතිව මිය ගිය මිනිසුන්ගේ මිනී විකුනා නැවත ද චන්ද වාසි ලබා ගැනීම සඳහාය.

ඔබ මේ මොහොතේ හැඟීම් බර වී අද දින සිට ඒ මියගිය වුන් සමරා අදහස් දැක්වීම යනු, රටේ ජනතාවගේ මිනී මතින් හරි තමන්ගේ බලය තහවුරු කර ගැනීම්ට වලිකන පවුලකටත්.. උන්ගෙ කටු කන හොරු රැළකටත් උන්ගේ චන්ද ව්‍යාපාරය පහසු කරන්වා පමණකි. ඉන් මිය ගිය මිනිසුන්ගේ ජිවිත වලට ලැබෙන සුගතියක් නම් නැත.

එම නිසා අපි මේ මොහොතේ උන්ගෙ මිනී විකුණා චන්ද ව්‍යාපාරයට වාසි ලබා ගැනීමෙ උත්සහය අවබෝධයෙන් ව්‍යර්ත කරමු.

අපි මේ මොහොතේ ඒ මිය වුන් සිහිපත් කිරීමෙන් වැළකී සිටිමු!!
ජන්දය අවසන් වූ පසු චන්ද ව්‍යාපාරයට උන් ඒ මිනී විකුනූ සැටි සිහි පත් කරදී, එම අපරාධයට වග කිව යුත්තන්ව අල්ලා ගැනීමට බල කර සිටිමු!!

සුභාෂිනී චතුරිකා

 

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...