Breaking News

ළදරුවන්ගේ කිරි බෝතල්වල විස රසායන – පරිසර යුක්ති කේන්ද්‍රය

මෙරට ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුරු වී තිබෙනබව පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම පරීක්‍ෂණය සඳහා භාවිත කරන ලද බඳුන් 98න් 76කම අදාල රසායනිකය අඩංගු වී ඇති බව තහවුරු තිබෙන බවයි. මේ අතරින් ඇතැම් බඳුන්වල මෙම රසායනිකය අඩංගු නොවන බව සඳහන්කර තිබුණද විද්‍යාගාර පරීක්‍ෂණයේදී එය සාවද්‍ය බව ඔප්පු වී තිබෙන බවත් ඔවුන් පවසනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගිත්වයෙන් සකස්කර තිබෙන IPEN ආයතනය විසින් මෙම පරීක්‍ෂණය සිදුකර තිබෙනවා

බිස්ෆීනෝල් A (Bisphenol A- BPA) යනු පිළිකා,කාරකයක් බවත් මිට අමතරව ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා,පිරිමින් සහ කාන්තාවන් තුළ ලිංගික දුබලතාව මෙන්ම දියවැඩියාව ආදී සෞඛ්‍යමය ගැටලු ඇතිකරන රසායනිකයක් බවද එම නිවේදනය මගින් පෙන්වාදී ඇති අතර බොහෝ රටවල මෙය අන්තරායකර රසායනිකයක් ලෙස නීත්‍යනුකූලව හඳුනාගෙන තිබෙනබවත්, යුරෝපා සංගමය තුළ හෝමෝන ක්‍රියාවලියට බාධාකරන රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

මේ නිසා අන්තරායකරරසායනික ලේබල්කරණය සම්බන්ධයෙන් ශක්තිමත් නීති සේම ඒවා නිසි පරිදික්‍රියාත්මකවන බව තහවුරු කිරීමට නිසි අධීක්‍ෂණ ක්‍රියාවලියකුත් අවශ්‍ය බවද එම සංවිධානය සඳහන් කරනවා.

මෙම අධ්‍යයනය සඳහා බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දුනීසියාව,මැලේසියාව, රුසියාව, ශ්‍රී ලංකාවසහ ටැන්සානියාව යන රටවල IPEN සාමාජිකකණ්ඩායම්, ළදරු කිරි බෝතල්, සිපී කෝප්ප, ෆීඩින් කප් වැනි ළදරු නිෂ්පාදන නියැදි ලබාගෙන මෙම බඳුන්වලින් කොතරම් BPA ප්‍රමාණයක් අඩංගුද යන්නපරීක්‍ෂා කළ බවත් මෙම රසායනික පරීක්‍ෂණය, චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග්හි පිහිටි, රසායන විද්‍යාව සහතාක්‍ෂණය පිළිබඳ විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය තුළදී සහ ඉන්දියාවේ නව දිල්ලියේපිහිටා ඇති ශ්‍රීරාම් කාර්මික පර්යේෂණ ආයතනය තුළදී විශ්ලේෂණය කර ඇති බවත් පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙනවා.

leave a reply