ඩෙංගු රෝගය පැතිර යාම සීඝ්‍ර වේ.

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් ඇති බව ඩෙංගු රෝග මර්දන දෙපාර්තමේන්තුව පවසනවා. මැයි 16 වන දින දී පමණක් ඩෙංගු රෝගීන් 412 ක් වාර්තා වී තියෙනවා.

වසරේ මේ දක්වා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 22 කි. 2023 වසරේ ගෙවුණු කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 34 දහසකට වඩා වැඩි බව එම වාර්තා පෙන්වා දෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තා වලට අනුව 2022 වසරේ මැයි මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 1294 කි. මේ වසරේදී එය දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් වැඩිවී තිබීම විශේෂත්වයක්.

ඩෙංගු රෝගය සීඝ්‍ර ලෙස වර්ධනය වීමට පවතින වර්ෂා පතනය වෙනස් වීමද බලපා ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසනවා.

මේ අතර ඊයේ දිනයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් වැඩි දෙනෙක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයක් .ඉදිරි මෝසම් වර්ෂාවත් සමඟ මේ තත්ත්වය තවදුරටත් බරපතළ වීමට ඉඩ ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා තිබෙනවා.ඒ අනුව ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටීම සහ ඩෙංගු මදුරුවා වර්දනය වීම වැළැක්වීම සඳහා පියවර ගැනීම කළ යුතුයි.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...