Breaking News

ඩෙංගු රෝගය පැතිර යාම සීඝ්‍ර වේ.

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් ඇති බව ඩෙංගු රෝග මර්දන දෙපාර්තමේන්තුව පවසනවා. මැයි 16 වන දින දී පමණක් ඩෙංගු රෝගීන් 412 ක් වාර්තා වී තියෙනවා.

වසරේ මේ දක්වා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 22 කි. 2023 වසරේ ගෙවුණු කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 34 දහසකට වඩා වැඩි බව එම වාර්තා පෙන්වා දෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තා වලට අනුව 2022 වසරේ මැයි මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 1294 කි. මේ වසරේදී එය දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් වැඩිවී තිබීම විශේෂත්වයක්.

ඩෙංගු රෝගය සීඝ්‍ර ලෙස වර්ධනය වීමට පවතින වර්ෂා පතනය වෙනස් වීමද බලපා ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසනවා.

මේ අතර ඊයේ දිනයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් වැඩි දෙනෙක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයක් .ඉදිරි මෝසම් වර්ෂාවත් සමඟ මේ තත්ත්වය තවදුරටත් බරපතළ වීමට ඉඩ ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා තිබෙනවා.ඒ අනුව ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටීම සහ ඩෙංගු මදුරුවා වර්දනය වීම වැළැක්වීම සඳහා පියවර ගැනීම කළ යුතුයි.

leave a reply