Breaking News

ශ්‍රී ලංකාවෙන් සොයාගත් නව ප්‍රයිමේටාවන් විශේෂ. වසර ගණනාවක් වනයේ සැඟවී ඉඳලා

විද්‍යාඥයන් විසින් ශතවර්ෂයකට වැඩි කාලයක් පුරා හුදකලා වූ, ගස්වල වාසය කරන ප්‍රයිමේටාවන් වර්ගයක් වන උණහපුළුවන්, ශ්‍රී ලංකාවේ එකිනෙකට වෙනස් විශේෂ දෙකක් ඇති බව සැලකූහ. කෙසේ වෙතත්, නව පර්යේෂණවලින් පෙන්නුම් කරන්නේ නව විශේෂ 5ක් 6ක් පමණ සිටින බවයි. ඔවුන් පැහැදිලිව නොපෙනෙන පරිදි සැඟවී සිට රාත්‍රියේදී පිටතට පැමිණෙන අතර ඔවුන් නිරීක්ෂණය කිරීම පහසු නැත. නව විශේෂ/උප විශේෂ සොයා ගැනීමට මෙතරම් කාලයක් ගත වූයේ මේ නිසාය. දිගු අත් පා සහිත ලේනෙකුගේ ප්‍රමාණයෙන් යුත් මෙම ලැජ්ජාශීලී, ලොම් සහිත, නිශාචර ප්‍රයිමේටාවන් ශ්‍රී ලංකාවේ නිවර්තන වනාන්තරවල දක්නට ලැබෙන අතර අඟල් 6-10 දක්වා වර්ධනය වේ. ඔවුන්ට වටකුරු හිසක් සහ විශාල ඇස් දෙකක් ඇත.

දේශීය වානරයන් සඳහා සිංහල වචන වන රිලවා සහ වඳුරා යන පද භාවිතා වුවත් උණහපුළුවා යන පදය භාවිතා වන්නේ අල්ප වශයෙනි. තවත් ස්වදේශීය භාෂාවක් වන දෙමළ භාෂාවෙන්, මෙම කුඩා ක්ෂීරපායින් විස්තර කිරීමට තේවංගු යන පදය යොදා ගනියි. ඉතිහාසය පුරාවටම ලොව පුරා බොහෝ ප්‍රයිමේටාවන් විශේෂ එකම විශේෂයක් ලෙස ව්‍යාජ ලෙස එකට එකතු වී ඇති බැවින් හඳුනාගෙන නොමැත. පසුගිය වසර 20 තුළ බොහෝ දුරට විද්‍යාව සහ DNA අධ්‍යයනයේ දියුණුව හේතුවෙන් මෑතකදි හඳුනාගත් ප්‍රයිමේටාවන් විශේෂ සංඛ්‍යාව දෙගුණ වී ඇත.

අලි ඇතුන්, සිංහයන් සහ කොටි මෙන් නොව, සිංහයන් ශ්‍රී ලංකාවේ දක්නට නොලැබෙන අතර ජාතික ධජයේ දක්නට ලැබේ. උණහපුළුවන් දේශීය කලාවේ, පුරාවෘත්තවල හෝ සංස්කෘතික සංකේත වලද දකින්නේ කලාතුරකිනි. වර්ථමානයේ සංචාරක දැන්වීම්වල ද ඔබ ඔවුන් දකින්නේ කලාතුරකිනි.
ඉන්දියානු සම්භාව්‍ය කෘතියක් වන රාමායණයේ ශ්‍රී ලංකා දූපතේ වඳුරන් ගැන සඳහනක් ඇත, නමුත් ඒ උණහපුළුවන් ගැන නොවේ. තවමත්, සමහර ජනප්‍රවාද සහ සංස්කෘතික යොමු ඇත, මන්දයත් මිනිසුන් කලාතුරකින් ඔවුන් සමඟ අන්තර් ක්‍රියා කර ඇත. සමහරු පවසන්නේ උණහපුළුවන් දැකීම නරක පෙර නිමිත්තක් බවයි. සමහර විට මෙම යෙදුම කෙට්ටු පුද්ගලයෙකු හැඳින්වීමට (උණහපුළුවෙක් වගේ) අපහාසයක් ලෙස භාවිතා කරයි. උණහපුළුවන් මොණර මස් අනුභව කරන බවට ද මිථ්‍යාවක් ඇත. උණහපුළුවා මිනිසුන්ට මුණගැසී ඇති නමුත් අනෙකුත් විශාල, නිතර දැක ඇති සතුන් මෙන් මතකයේ නැත.
උණහපුළුවන් ප්‍රයිමේටාවන්ගේ පවුල තුළ වඳුරන්ට වඩා මැඩගස්කරයේ ලෙමූර් සමඟ සමීපව සම්බන්ධ වේ. උණහපුළුවන් ඉන්දුනීසියාවේ සහ අප්‍රිකාවේ ද දක්නට ලැබේ. ශ්‍රී ලංකා රත් උණහපුළුවා ශ්‍රී ලංකාවට ආවේණික වූ, කලෙක වඳ වී ගොස් ඇතැයි සිතූ නමුත් 2002 දී ආචාර්ය්‍ය කාලිංග පද්මලාල් මහතා විසින් නැවත සොයා ගන්නා ලදී. අළු උණහපුළුවා ඉන්දියාවේ ද දක්නට ලැබේ.

නව විශේෂ (සමහරක් කලින් උප විශේෂ ලෙස විස්තර කර ඇත) සොයා ගැනීමේ පෙරළිකාර කාර්යය සඳහා නවීන DNA විශ්ලේෂණ තාක්ෂනය භාවිතා කරයි. උණහපුළුවන්ගේ පරිණාමීය ඉතිහාසය සහ ජීව භූගෝල විද්‍යාව තවමත් දුර්වල ලෙස වටහාගෙන ඇති බව අධ්‍යයනයෙන් පිළිබිඹු වේ. කෞතුකාගාරවල ඇති අස්ථිසැකිලි විශ්ලේෂණය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ හතකින් එකතු කරන ලද උණහපුළුවන්ගේ නිදර්ශක සියයකට අධික ප්‍රමාණයක DNA විශ්ලේෂණය කරන ලදී.

සාමාන්‍ය විදුලි පන්දමකින් පවා සතා බිය ගන්වන බැවින් පර්යේෂකයන් රතු එළිය භාවිතා කරමින් පැය ගණනක් වනාන්තරයේ නිරීක්ෂණය කරති. ඉන්පසු අල්ලා ඉක්මනින් රුධිර සාම්පලයක් ගනී. උණහපුළුවන් සපා කන විට ඔවුන්ට අත්වැසුම් අවශ්‍ය වන අතර පසුව ඔවුන්ව නැවත වනයට මුදා හරිනු ලැබේ.
සිංහ-කොටි දෙමුහුන් මෙන්, දෙමුහුන් වඳ විය හැකි නමුත් අලුතින් හඳුනාගත් විශේෂයන් අතිච්ඡාදනය වුවද, කලාතුරකින් අන්තර් අභිජනනය වන බව විශ්වාස කෙරේ. තවමත්, ඔවුන් නව විශේෂයක් බවට පත් කිරීමට ප්‍රමාණවත් විශ්වසනීයත්වයක් පවතී. මෙම සොයාගැනීමට අනුබල දුන් සමහර නිර්වචන සාධක සමීපව බැලුවහොත් මිස නිරීක්ෂණය කිරීමට අපහසු සුළු සලකුණු වේ. කනේ ප්‍රමාණය, උගුරේ වර්ණය සහ අනෙකුත් සුළු ලක්ෂණ වේ.

උණහපුළුවාද හඳුන් දිවියා මෙන් රාත්‍රියේ එළියට පැමිණ දවල්ට නිදා ගන්නා අතර ඉතා ලැජ්ජාශීලීය. බොහෝ ඡායාරූප ශිල්පීන්ට අනුව, දැකීමට අපහසුම සත්වයා උණහපුළුවායි. දිවා කාලයේ ඔවුන් බෝලයක් මෙන් ගුලි වී නිදා ගනී. සාමාන්‍යයෙන් හය දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් එකට ගුලි වී සිටින නිසා පර්යේෂකයන් සිතන්නේ එය යම් සමාජ හැසිරීමක් සහ ධුරාවලියක් ප්‍රදර්ශනය කරන බවයි. කි.මී. 2ක අරයක් තුළ සතුන් කිහිපයක් නිරීක්ෂණය වන නිසා පර්යේෂකයන් උපකල්පනය කරන්නේ යම් සමාජශීලී හැසිරීමක් ඇති බවයි. ඔවුන් වෙනත් සමාජ චර්යාවන් හැඩගස්වා ගැනීම සහ ප්‍රදර්ශනය කිරීම ද දැක ඇත. නිවුන් පැටවුන් ද නිරීක්ෂණය කර ඇතත්, ගැහැණු සතුන් සාමාන්‍යයෙන් තනි පැටවෙකු බිහි කරයි.

ක්ෂේත්‍ර පර්යේෂිකා ලසන්ති විජයතුංග මහත්මිය පවසන පරිදි උණහපුළුවා මකුණන්, උරගයන්, විෂ සහිත ගෙම්බන් සහ අතට හසුවන ඕනෑම දෙයක් අනුභව කරයි. ඔබ එය අල්ලා ගැනීමට උත්සාහ කළහොත් උණහපුළුවා සපා කයි. එය ජලභීතිකා රෝගය සම්ප්‍රේෂණය කරයි, නමුත් ශ්‍රී ලාංකික විශේෂ සමහර ඉන්දුනීසියානු උණහපුළුවන් තරම් විෂ සහිත නොවේ.

ශ්‍රී ලංකාවේ වෙසෙන ජර්මානු ජාතික පර්යේෂකයෙකු වන මහාචාර්ය Wolfgang Dittus මහතා පවසන පරිදි, රිලවුන් දිවා කාලයේ නිදා සිටින උණහපුළුවන්ට බාධා කරන නමුත් ඔවුන්ව අනුභව නොකරන බව නිරීක්ෂණය වී ඇත බවයි. ඔරංඔටන්ලා උනපුළුවන් අනුභව කරන බව දැක ඇතත්, මෙම වානරයන් ශ්‍රී ලංකාවේ දක්නට නොලැබේ. උණහපුළුවන්ගේ සමාජ හැසිරීම් සහ ධුරාවලිය ගැන අනෙක් ප්‍රයිමේටාවන්ට වඩා තොරතුරු අඩුය. පර්යේෂිකා ලසන්ති මහත්මිය පවසන්නේ ඔවුන් ඉහළම ඝනත්වයකින් සහ සීගිරිය අවටින් දැකීමට දඹුල්ල වඩාත් සුදුසු බවයි. යාල සහ විල්පත්තුවේ බොහෝ සංචාර වලදී ඔබට ඔවුන් දැකීමට අපහසුය, නමුත් ඔබ සමහර හෝටල්වල රාත්‍රී ඇවිදින්නේ නම්, ඔබට වාසනාව ලැබෙනු ඇති බවයි.

සත්ත්ව විද්‍යා මහාචාර්ය සමන් ගමගේ මහතා උණහපුළුවාව සුරතල් සතෙකු ලෙස තබා ගැනීම අනුමත නොකරයි. මිනිස් ඇසුරේදී දී බෝ කිරීම දුෂ්කර වන අතර වර්ධනයෙන් බාල විය හැකිය. ඔවුන්ගේ උපන් වාසභූමියේ පමණක් දක්නට ලැබෙන නිශ්චිත අවශ්‍යතා හේතුවෙන් දිගු කලක් ජීවත්වීමටද අවකාශ ලැබෙන්නේ නැත.

ආචාර්ය්‍ය පද්මලාල් මහතා පවසන්නේ මුදල් නොමැතිකම ව්‍යාපෘතියට බාධාවක් බවත් කෙසේ හෝ වනජීවී දෙපාර්තමේන්තුව මේ සඳහා මාර්ගයක් ලබාගනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය. DNA අධ්‍යයනය සඳහා ලන්ඩනයේ සත්ව විද්‍යා සංගමයෙන් ඔවුන්ට යම් සහයක් ලබා දුන් නමුත් ප්‍රගතිය කණගාටුදායක ලෙස ඇණහිට ඇත.

olinguito සහ kabomani Tapir ද මෑතකදී සමාන සතුන් සමඟ ව්‍යාකූල වූ නව විශේෂයන් සොයා ගන්නා ලදී. අතීතයේදී, ඔවුන් පිළිවෙලින් සමාන olinguito සහ Amazonian Tapir ලෙස වරදවා වටහාගෙන ඇත. කෙසේ වෙතත් DNA අධ්‍යයනයන් පෙන්නුම් කළේ ඔවුන් අද්විතීය හා සම්පූර්ණයෙන්ම වෙනස් සතුන් බවයි. 2015 දී අප්‍රිකානු රන් හිවලා නව වෘකයෙකු ලෙස හඳුනා ගත් විට ද එවැනිම සංසිද්ධියක් සිදු විය, එම විශේෂය මීට පෙර රන් හිවලාගේ (ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන සතෙකු) උප විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත.

උණහපුළුවන් හට ශ්‍රී ලංකාවේ පවතින විශාලතම තර්ජනය වන්නේ වනාන්තර ඉඩම් එළිපෙහෙළි කිරීම නිසා සිදුවන වාසස්ථාන අහිමි වීම සහ වාසස්ථාන ඛණ්ඩනය වීමයි. වාසනාවකට මෙන්, 26 වසරක සිවිල් යුද්ධයෙන් උනහපුළුවන්ට එතරම් බලපෑමක් සිදු නොවීය.
නව විශේෂ පහත පරිදි වේ:
Red slender loris ( Loris tardigradus) now reclassified as:-
1. North western red slender loris,
Loris tardigradus parvus
2. South western red slender loris,
Loris tardigradus tardigradus
3. Rakwana slender loris
Loris tardigradus ?
4. Montane slender loris
Loris tardigradus nycticeboides
Grey loris is now reclassified into:
5. Highland grey slender loris
Loris lydekkerianus grandis
6. Uva red slender loris
Loris lydekkerianus uva
7. Northern grey slender loris
Loris lydekkerianus nordicus
” මට 100% විශ්වාසයි මේවා සම්පූර්ණයෙන්ම නව විශේෂයන් වන අතර සමහර ඒවා ගෝරිල්ලන් සහ චිම්පන්සියන් එකිනෙකාට වෙනස් වන තරමටම, සමහර විට ඊටත් වඩා වෙනස් විය හැකිය. ඔවුන් ජීවත් වන්නේ සහ චලනය වන්නේ කුඩා පරාසයක් තුළ පමණක් වන අතර එම නිසා වසර දහස් ගණනකින් බද්ධ වී නොමැත. ඔවුන් පරිණාමය හරහා ප්‍රමාණවත් තරම් අපසරනය වී ඇත. ” ආචාර්ය්‍ය පද්මලාල් මහතා පවසයි.

DNA අධ්‍යයනය අවසන් වූ පසු පර්යේෂකයන් විසින් නිල වශයෙන්, හඳුනාගත් නව උණහපුළු විශේෂ ශ්‍රී ලංකාවේ ක්ෂීරපායින් ලැයිස්තුවට එකතු කරනු ඇත.
Sep 27, 2021 දින daily mirror පුවත්පතෙහි පළවූ New primates discovered in SL; hiding in jungles for years ලිපියෙහි සිංහල අනුවාදනයකි.
පරිසර සමාගම
New primates discovered in SL; hiding in jungles for years by Avi Kumar – https://www.dailymirror.lk/…/New-primates…/131-221154….

leave a reply