මෙරට ආසාදිතයන්ගෙන් 95%ටම ඩෙල්ටා – ජයවර්ධන පුර විශ්ව විද්‍යාල පරීක්ෂණයකින් හෙළිවෙයි

විවිධ SARS-CoV-2 (කොවිඩ්) ප්‍රභේද වල ව්‍යාප්තිය පිළිබඳව ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල පරීක්‍ෂා කිරීමෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් සොයා ගත් පරිදි, ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදන වලින් 95.8% කට ඩෙල්ටා ප්‍රභේදය වගකිව යුතු බව එම පර්යේෂකයින් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

COVID-19 පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා ලංකාවේ විවිධ පළාත්වල විවිධ SARS-CoV-2 ප්‍රභේද වල ව්‍යාප්තිය සොයා බැලීම වැදගත් වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය , වෛද්‍ය චන්දිම ජීවන්දර ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් කරන ලද අධ්‍යයනයකින් මේ බව හෙළි වී ඇති අතර විවිධ පළාත්වල ඩෙල්ටා ව්‍යාප්තිය 84% සිට 100% දක්වා බවත් මෙහිදී හෙළි වී ඇත.

එමෙන්ම මෙහිදී හමුවී ඇත්තේ ඩෙල්ටා සහ ඇල්ෆා ප්‍රභේද පමණක් බවත් එම වාර්තාවේ දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...