කොරෝනා අබියස මානව සංහතිය අසරනවෙයි ,ලෝක ජනගහනයෙන් 2%ට පමණයි කොරෝනා පරාජය කරන ප්‍රතිදේහ තියෙන්නේ

‘කොරෝනා වයිරස’ වසංගතය සම්බන්ධ ලෝකය පුරා යම් සහනදායක අදහස් වර්ධනය වුවද එහි සත්‍ය අභියෝගය ළමෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

වෛරසයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් 2-3% අතර පිරිසකට පමණක් බැවින් එහි දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ඊයේ (20) පැවැසීය.

අද (21) පස්වරු 6 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,71,720ක් ලෙස දැක්විණි. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25, 01, 544ක් විය. අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟවීය.

‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ හෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති අනෙකුත් දැඩි සීමා හෝ ලිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීයා පැවැසීය.

උපුටා ගැනීම lankaviews

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...