Breaking News

කොරෝනා අබියස මානව සංහතිය අසරනවෙයි ,ලෝක ජනගහනයෙන් 2%ට පමණයි කොරෝනා පරාජය කරන ප්‍රතිදේහ තියෙන්නේ

‘කොරෝනා වයිරස’ වසංගතය සම්බන්ධ ලෝකය පුරා යම් සහනදායක අදහස් වර්ධනය වුවද එහි සත්‍ය අභියෝගය ළමෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

වෛරසයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් 2-3% අතර පිරිසකට පමණක් බැවින් එහි දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ඊයේ (20) පැවැසීය.

අද (21) පස්වරු 6 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,71,720ක් ලෙස දැක්විණි. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25, 01, 544ක් විය. අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟවීය.

‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ හෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති අනෙකුත් දැඩි සීමා හෝ ලිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීයා පැවැසීය.

උපුටා ගැනීම lankaviews

leave a reply