Breaking News

අප ජීවත් වන්නේ ළමා අයිතීන් බරපතළ ලෙස උල්ලංඝනය වන ලෝකයක

ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ලොව පුරා වැඩිවෙමින් පවතී. ඇෆ්ගනිස්ථානයේ සිට යේමනය දක්වාත්, සිරියාවේ සිට උතුරු ඉතියෝපියාව දක්වාත්, අඛණ්ඩ යුද ගැටුම්, අන්තර් ප්‍රජා ප්‍රචණ්ඩත්වය සහ අනාරක්ෂිතභාවය පත්වී සිටියි . මේ බව සනාථ කරන යුනිසෙෆ් වාර්තාවක් පසුගිය දා නිකුත් විය .

පැහැරගැනීම් සහ ලිංගික හිංසනයන් වැඩිවෙමින් පවතී

2021 පළමු මාස ​​තුන තුළ, පෙර වසරේ පළමු කාර්තුව හා සසඳන විට, ළමයින්ට එරෙහි පැහැරගැනීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්දීන් පිළිවෙලින් 50% සහ 10% කින් ඉහළ ගොස් ඇත.

සෝමාලියාවේ ළමා පැහැරගැනීම් සිදු කරන රටවල් අතර මුලින් සිටියි. ඉන් පසුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ චැඩ් විල , නයිජීරියාව, කැමරූන් සහ නයිජර් රටවල සිදුවී ඇත.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සෝමාලියාව සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් වැඩිය.

පසුගිය සතියේ පමණක්, UNICEF ට අනුව, “නැගෙනහිර මියන්මාරයේ, Kayah ප්‍රාන්තයේ, Save the Children කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළුව – මියගිය පුද්ගලයින් 35 දෙනා අතර අවම වශයෙන් ළමුන් හතර දෙනෙකුවත් සිටින බව කියනු ලැබේ.

2020 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහවුරු කරන ලද උල්ලංඝනය කිරීම් 26,425 කි

2020 දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහුරු කර ඇති බරපතල ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් 26,425 කි. පසුගිය වසර 16 තුළ අප්‍රිකාව, ආසියාව, මැද පෙරදිග සහ ලතින් ඇමරිකාවේ ගැටුම් තත්ත්වයන් 30 කට වැඩි ගණනකදී සිද්දීන් 266,000 ක් තහවුරු කරගෙන තිබේ . කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයට අනුව සැබෑ සංඛ්‍යා මීට වඩා බෙහෙවින් වැඩි වනු ඇත.

නිදසුනක් වශයෙන්, ඇෆ්ගනිස්ථානය, 2005 සිට තහවුරු කළ ළමා මරණ 28,500 සංඛ්‍යාවක් ඇති අතර,ගෝලීය වශයෙන් තහවුරු කරන ලද සියලුම ළමා මරණ වලින් 27% නියෝජනය කරයි.

මේ අතර, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපවල 2005 සිට පාසල් සහ රෝහල් වෙත වැඩිම ප්‍රහාර සංඛ්‍යාවක් සිදුවී ඇති අතර, ඉන් 22ක් 2021 වසරේ මුල් මාස හය තුළ සිදුවී ඇත.

2015 මාර්තු මාසයේදී සටන් උත්සන්න වූ දා සිට යේමනයේ ළමුන් 10,000ක් මිය ගොස් හෝ ආබාධිත වී ඇති බව ඔක්තෝබර් මාසයේදී යුනිසෙෆ් පෙන්වා දෙයි . මෙය සෑම දිනකට දරුවන් හතරක අනුපාතයකි .

බොහෝ අවස්ථාවල දී, දරුවන් බහුවිධ හා බරපතල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වේ. නිදසුනක් වශයෙන්, 2020 දී, එක්සත් ජාතීන්ගේ සනාත කළ පැහැරගැනීම්වලින් 37% ක් ළමුන් යුද්ධයට බඳවා ගැනීමට හෝ එහා බඳුන දේ වලට බාවිතා කර තිබේ. සෝමාලියාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සිද්ධීන් 50% ඉක්මවයි.

leave a reply