කොටුව පොලීසියේ OICගෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට අඩත්තේට්ටම්

Date:

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන ඔක්තෝම්බර් 10වනදා පැවති විරෝධතාවයකදී ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වැරදි ක්‍රියාකලාපයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කොටුව පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ නීතිඥවරයකු ඉදිරිපිටදීම ඔහුට කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අඩත්තේට්ටම් කර තිබේ.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිද්ධිය විස්තර කර ඇති පරිදි,

පාගමනක් ගැන පෙර දැනුම්දී තිබියදීත් එලෙස දැනුම් නුදුන් බව කියමින් අයුතු අවහිර කිරීම ගැන asp දිල්රුක්ට සහ ssp රොෂාන් ඩයස්ට එරෙහිව පැමිණිලි කිරීමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලෙස මම , තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ භාණ්ඩාකාරික නිරෝෂ් මෛත්‍රී සහ නීතිඥ තරිඳු රත්නායක සමඟ කොටුව පොලිසියට ⁣ගියෙමි. එම අවස්ථාවේ අපගේ පැමිණිල්ල ගැන ස්ථානාධිපතිට දැනුම් දෙන ලෙස විවිධ පැමිණිලි අංශයේ සිටි උප පොලිස් පරීක්ෂක වරයා දැනුම් දුන්නේය.

එම අවස්ථාවේම පොලිසියේ සිටි සැකකරුවන් දෙදෙනකු පැන ගිය අතර එක් සැකකරුවකු අල්ලාගෙන පොලිසියට ගෙන ආ පසු ස්ථානාධිපති සාගර ලියනගේ ඔහුට පයින් පහර දුන්නේය. ඒ සමගම ඒ ගැන ජනමාධ්‍යවේදීන්ට දැනුම් දෙන ලෙස නිරෝෂ් මෛත්‍රීට දැනුම් දුන් මම , සැකකරු කෑගසන ශබ්දයක් ඇසුණු නිසා දුරකතනයේ හඬ පටිගත කිරීම ඔන් කළෙමි.
ටික වේලාවකට පසු අපව ස්ථානාධිපතිගේ කාමරයට යොමු කළ අතර ස්ථානාධිපතිගේ මේසය ඉදිරිපිට පුටුවල වාඩිගෙන මම සහ නීතිඥ රත්නායක අනන්‍යතාව හඳුන්වාදී පැමිණිල්ල ගැන පැහැදිලි කළෙමි. එවිට ස්ථානාධිපතිවරයා එය තම පොලිසියට එරෙහි පැමිණිල්ලක් නිසා පොලිස් මූලස්ථානයට ගොස් දමන ලෙස ප්‍රකාශ කළ අතර එම පැමිණිල්ල කොටුව පොලිසියට එ⁣රෙහිව නොවන බවත්, මේ ආකාරයේ පැමිණිලි ඊට පෙර කොටුව පොලිස් ස්ථානයේ දමා ඇති බවත් අපි පැහැදිලි කළෙමු.
පැමිණිල්ල බාර නොගැනීම නිසා අපි පොලිස් මූලස්ථානයට යෑමට නැගිට පිටවෙන්නට හදද්දී කොටුව ස්ථානාධිපති සාගර ලියනගේ ඔහුගේ පුටුවෙන් නැගිට මා සිටින දෙසට විත් මා තල්ලු කර මාගේ අත මිරිකාගෙන අල්ලාගෙන ජංගම දුරකතනයෙන් පටිගත කළා නේදැයි විමසීය. මා සහ නීතිඥවරයා ස්ථානාධිපති නිල කාමරයේ සිටියදී අපට එළියට යෑමට නෙහැකි වන අයුරින් දොර වසා දමන ලෙස ස්ථානාධිපති සාගර ලියනගේ සෙසු නිලධාරීන්ට නියෝග කළ අතර ඒ අනුව දොර වසා දැමිණි.
ඉන් පසු ස්ථානාධිපති මාගේ ජංගම දුරකතනය උදුරා පැහැර ගැනීමට තැත් කළ අතර මම වැරෙන දුරකතනය අල්ලාගෙන සිටිමින් දුරකතනය අවශ්‍ය නම් අධිකරණ නියෝගයකින් ලබා ගන්නා ලෙස දැනුම් දුන්නේය.
එස අවස්ථාවේ මම පොලිසියෙන් පිට සිටි ජනමාධ්‍යවේදීන්ට එන්න කියන්නැයි නීතිඥවරයාට කීවෙමි. ඒ සමඟම පොලිස් ස්ථානාධිපති , මම ස්ථානාධිපති පැමිණිල්ල බාර ගැනීමට නොහැකි බවට කළ ප්‍රකාශය පටිගත කළේ නැති බවට “ප්‍රොමිස්” කියා කියන ලෙස දැනුම් දුන්නේය. ස්ථානාධිපති අපව හිර කර තබා ගැනීම සහ ඉන් පෙර ස්ථානාධිපති සැකකරුට පහර දෙන ආකාරය දුටු මම බියට පත්ව සිටි නිසා “ප්‍රොමිස්” යනුවෙන් ප්‍රකාශ කරීමෙන් පසු ස්ථානාධිපති සාගර ලියනගේ මා අතහැරි අතර මට පිටව යෑමට දොර විවර කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය. ස්ථානාධිපති තදින් අත මිරිකූ නිසා තවදුරටත් අතේ වේදනාව තිබේ.
පොලිසියට පැමිණිල්ලක් කිරීමට නීතිඥවරයකු සමඟ ගිය අපට මෙසේ නම් සාමාන්‍ය පුරවැසියන්ට කෙසේ සලකනු ඇද්ද?
නීතිඥවරයකුත් අයුතු ලෙස රඳවා තබා ගැනීමටත් නීතිඥවරයා ඉදිරිපිටම සේවාදායකයාට මෙලෙස අඩත්තේට්ටම් කිරීමටත් කොටුව ස්ථානාධිපතිට මෙච්චර හයියක් කෙහෙන්ද?
තරිඳු ජයවර්ධන

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...