Breaking News

එය දැන් නරේන්ද්‍ර මොඩිගේ ආණ්ඩුවට එරෙහිව ගෝලිය සටනකි !

උපාලි ජයසිංහ

ඉන්දියානු ගොවීන්ගේ විරෝධතාවය 2020 සැප්තැම්බර් මාසයේදී ඉන්දියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ගොවිපල පනත් තුනකට එරෙහි අඛණ්ඩ විරෝධතාවකි. ඉන්දීය ගොවි සමිති සහ ඔවුන්ගේ නියෝජිතයින් ඉල්ලා ඇත්තේ නීති අවලංගු කරන ලෙසත් එයින් මෙපිට කිසිවක් භාර නොගන්නා ලෙසත්ය. ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද කමිටුවක මැදිහත්වීමද ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දියාවේ සිදුවන සියදිවි නසාගැනීම් වලින් 11.2% ක්ම ගොවීන්ගේ සියදිවි නසාගැනීම් වේ. මෙම සටනට ඉන්දියාව පුරා මිලියන 250 ක පමණ ජනතාවක් සෘඡුව සම්බන්ධ බවට වෘත්තීය සමිති කියා සිටී. අද වන විට එකී සටනට මාස 3 කි. ඔවුහු පුරා මාස ගනනාවක් මහ මග දිගේ දිල්ලියට පැමිණියහ. ඔවුහු කණ්ඩායමි ලෙස පැමිනියේ ලොරි ගණන් ආහාර පුරවා ඡංගම මුලුතැන් ගෙවල් සහ වැසිකිලි පද්ධතිද රැගෙනය. එය දුර දිග ඇදෙන සටනක් බව ඔවුහු දනි. එබැවින් මෙවර ගොවි සටන මෝඩිගේ ආණ්ඩුවට කිසිසේත්ම පහසු නැත.

මෙි මොහොතේදී ලොව කීර්තිමත් පුද්ගලයන්ද ඉන්දීය ගොවි සටනට සහය පලකරමින් එය දිරිමත් කරමින් සිටී ඒ අතර ප්‍රකෝටිපති ගායිකා රිහානාද ලෝක ප්‍රසිද්ධ ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තුන්බර්ග් ද එක්සත් ඡනපද උප ඡනාධිපතිනියගේ ලේලියවන මීනා හැරිස්ද ඉදිරියෙනි.

මීනා හැරිස් ගොවි විරෝධතා සමාජ මාධ්‍යවලට අදහස් දැක්වීම මගින් ඉන්දියාව පුරා කලබලයක් ඇති කර තිබේ. ඉන්දීය ගොවි උද්ඝෝෂනයේදී, ඉන්දීය කාන්තා ගොවීන් ගැන කතා කරන ප්‍රධාන ජාත්‍යන්තර බලපෑම්කාරිනියක් ලෙස ඇය අවධානයට ලක්ව සිටී.

මීනා හැරිස්ගේ ඡායාරූප අන්තවාදීන් විසින් පුළුස්සා දැමූ අතර ඇයට එරෙහිව සටන් පාට කියනු ලැබීය. ඇයට එරෙහි සියලු උණුසුම තත්වයන්ට අමනාප නොවෙමින් එක්සත් ඡනපද උප ඡනාධිපති ලේලිය ට්වීට් පණිවුඩයක් මගින් එයට මෙසේ ප්‍රතිචාර දක්වා තිබිනි, “ඔබෙි අන්තවාදී මැර පිරිස විසින් පුළුස්සා දැමූ මගේ ඡායාරූපයක් දැකීම මට හරිම අමුතුයි, ඔබෙි නිර්භීත ඉන්දියානු පිරිමින් ගොවීන්ට සහයෝගය දක්වන කාන්තාවන්ගේ පින්තූර පුළුස්සා දැමුවා නමුත් අපි ඉන්දියාවේ ජීවත් වුනා නමි ඔවුන් කුමක් කරයිදැයි සිතා බලන්න.” කම්කරු අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන නොදීප් කෞර් අත්අඩංගුවට ගැනීම ගැන ඇය තවදුරටත් සටහන් තැබුවාය ඒ අනුව. හැරිස් මෙසේ ලිවීය. ඇය දින 20 කට වැඩි කාලයක් ඇප නොමැතිව රඳවාගෙන සිටී.

“ඉන්දියාවේ අන්තර්ජාල වසා දැමීම් සහ ගොවි විරෝධතාකරුවන්ට එරෙහි පැරාමිලිටරි ප්‍රචණ්ඩ ක්‍රියා ගැන අප සියල්ලන්ම කෝප විය යුතුයි” යැයි ඇය තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියාය ”තව දුරටත් ටිවිට් කරන එක්සත් ඡනපද නීතිවෙිදිනිය ‘‘මෙය කෘෂිකාර්මික ප්‍රතිපත්තියට පමණක් සීමා වූවක් නොවේ. එය වාචිකව ආගමික සුළුතරයකට හිංසා කිරීම ගැන ද වේ. එය පොලිස් ප්‍රචණ්ඩත්වය, සටන්කාමී ජාතිකවාදය සහ කම්කරු අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාර යන්ය. එය ගෝලීය අධිකාරීවාදයයි. ඔබේ කටයුතුවලින් ඈත්ව සිටින ලෙස මට කියන්න එන්න එපා. මේ සියල්ල අපගේ ගැටළු ය ‘‘

ලෝක ප්‍රකට ගායිකාව රිහානා ඉන්දියානු ගොවීන්ට සහය දැක්වීමට ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ට ආරධනා කර තිබිනි. බොහෝ පිරිස් විසින් එය ඉක්මනින් වැලඳ ගත්හ.අඟහරුවාදා, බාර්බඩෝස් හි උපන් සුපිරි තරුව ඇගේ අනුගාමිකයන් මිලියන 100 කගෙන් ඇසුවේ, “ඇයි අපි මේ ගැන කතා නොකරන්නේ?! රිහානාට ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වු පිට්ස්බර්ග් ස්ටීලර්ස් හි ජුජු ස්මිත්-ෂස්ටර්, සටන් කරන ගොවීන්ට අවශ්‍ය වෛද්‍ය ආධාර සැපයීම සඳහා ඩොලර් 10,000 ක් පරිත්‍යාග කරමින් සිය සහයෝගය දැක්වීය.

රිහානාගේ පණිවුඩයෙන් පැය කිහිපයකට පසු ස්වීඩන් ජාතික දේශගුණික ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන ග්‍රෙටා තුන්බර්ග් ට්විටර් හරහා කියා සිටියේ ඇය “ඉන්දියාවේ # ෆාමර්ස් ප්‍රොටෙස්ට්ස්” ( ගොවි උද්ඝෝෂණය ) සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි. ස්වීඩන් ක්‍රියාකාරිකයා ඉන්දියානු ගොවි සටනේ ක්‍රියාකාරිකයන්ට පුළුල් ලෙස බෙදාගත හැකි ලේඛනයක සබැඳියක් ද පළ කළ අතර එය ලොව පුරා සිටින පුද්ගලයින්ට ඉන්දීය ගොවි සටනට දායක කර ගත හැකි ආකාරයත් එය පුළුල් කළ හැකි ආකාරය විස්තර කරයි.

මෙම ලේඛනය පිලිබදව දිල්ලි පොලිසිය විමර්ශනය කිරීමෙන් පසුව ඇයට එරෙහිව අන්තර් ඡාලය හරහා වෛරය පැතිරවීම යන චෝදනාව යටතේ නඩුවක් ගොනුකර තිබෙි.පොලීසිය විසින් පවරන ලද නඩුවට ස්වීඩන් පාරිසරික කුරුස යුද්ධකාරිය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ “ ඔබෙි වෛරය” නොතකා ඉන්දියාවේ ගොවීන්ගේ විරෝධතාවයට ඇය තවමත් පුලුල් ලෙස සහාය දක්වන බවයි. ‘‘ ඔබෙි වෛරය, තර්ජන හෝ මානව හිමිකම් උල්ලංඝ නය කිරීම් මගින් කිසි විටෙකත් මගේ තීරණය වෙනස් නොකරනු ඇත ‘‘කෙසේ වෙතත්, පසුව දිල්ලි පොලිසිය උපුටා දක්වමින් කියා සිටියේ එම නඩු පැවරීම දේශගුණික ක්‍රියාකාරිකයෙකුගේ නමකට එරෙහිව නොවන බවයි.

නව කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරන ගොවීන්ට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් ග්‍රෙටා තන්බර්ග්, එක්සත් ජනපද පොප් තරුව රිහානා සහ අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින්ට දැනටමත් ඉන්දීය රජය විසින් තරවටු කරනු ලැබ තිබෙි. ඔවුන්ගේ මාර්ගගත සහයෝගය ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් “සංවේදිවාදී” සහ “වගකීම් විරහිත” ලෙස සලකනු ලැබීය මෝඩිගේ ආණ්ඩුව කියා සිටින්නේ ‘‘ මෙි කීර්තිමත් මිනිසුන් ‘‘ ගැටලුව ‘‘ හරියට තේරුම් ගෙන නොමැති බවයි

leave a reply