Breaking News

යුරෝපා සංගමයේ රටවල් තනි මුදල් ඒකකයක් යටතට පත්ව වසර විස්සයි

හිල්මි සුපුන් 

Viele Euro Geldscheine

2022 ජනවාරි මාසේ පළමුවැනිදා නිල වශයෙන් යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය ඉවත්ව යනවා. එය මේ නව වසරේ ජනවාරි පලවෙනිදා සිදුවෙච්ච වැදගත්ම සිදුවීමක්. එපමණක්ද නොව 2022 ජනවාරි මාසය පළමුවැනිදාට යුරෝපා සංගමය රටවල් එක්ව එක් මුදල් ඒකකයක් යටතට පත්වී වසර විස්සක් සම්පූර්ණ වෙනවා. 2002 ජනවාරි මාසේ පළවෙනිදා තමයි නිල වශයෙන් යුරෝපා සංගමයේ රටවල් වෙන් වෙන් ව තිබුණු මුදල් ඒකක අත්හැර පොදු මුදල් ඒකකය ලෙස යුරෝ මුදල් ඒකකය ජනතා පරිහරණයට මුදාහරින්නේ.

2002 ජනවාරි 1 වැනිදා ඉතාලියේ එතෙක් පැවතී මුදල් ඒකකය වූ ලීරා තමන්ගේ කාර්යබාරය අවසන් කරනවා . එසේ අවසාන කරන්නේ වසර 140 ක ඉතිහාසයක් . ලීරා උපත ලැබුවේ 1862 අගෝස්තු 24 වැනිදාය, එය II Vittorio Emanuele ගේ නියෝගයෙන් නිල වශයෙන් රාජ්‍ය මුදල් ඒකකය බවට පත් කිරීමෙන් අනතුරුවයි. එම නියෝගයෙන් ඉතාලි රාජ්‍යයේ සංසරණය වෙමින් තිබූ සිය ගණනක් මුදල් ඒකක අහෝසි වෙනවා. කුඩා කුඩා රාජ්‍යයන් ව පැවති ඉතාලිය තනි රාජ්‍යයක් බවට පත් වන්නේ 1861 මාර්තු මාසයේ දී පමණය. ඉන් වසරකට පමණ පසුව තමයි II Vittorio Emanuele එතෙක් පැවති සියලු මුදල් එකක අහෝසිකර තනි මුදල් ඒකකයක් වෙත ඉතාලිය රැගෙන යන්නේ. මුළු ඉතාලියම තනි මුදල් ඒකකයක් යටතට පත් වූ පසු ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන් දැවැන්ත ඉදිරි පියවරක් තැබූ බව සඳහන් වෙනවා.

පළමු ලෝහ “ඉතාලි ලීරා 100 ” කාසිය හඳුන්වා දෙන්නේ නැපෝලියන්ය. 2002 නව මුදල් ඒකකය වන යුරෝ පැමිණෙනතුරු ඉතාලිය තුළ භාවිතයට ගැනුණේ II Vittorio Emanuele විසින් හඳුන්වා දුන් ලීරා ක්‍රමයයි. පළමු සහ දෙවන ලෝක යුද සමයන් වලදී ඉතාලියේ මුදල් ඒකක දුෂ්කරතාවයන්ට පත්වූ විය. දෙවන ලෝක යුද්ධ සමයේ AM-lira නමින් නව රාජ්ය නෝට්ටුවක් හඳුන්වා දී තිබුණි .එය වැඩිකල් නොපැවතුණි නැවතත් පැරණි මුදල් ඒකකය ලීරා භාවිතයට ගනු ලැබුණි.

යුරෝපා රටවල් තනි මුදල් ඒකකයක් යටතට ගැනීමේ ක්‍රියාවලිය දීර්ඝකාලීන එකකි. එය වසර හතළිහක් පමණ ඈතට දිවයන ඉතිහාසයක් ඇති එකකි. 2002 දී යුරෝ තනි මුදල් ඒකකය ලෙස හඳුන්වා දෙන්නේ දශකයකට ආසන්න කාලයක් පැවති සූදානම් කිරීමේ ඉතිහාසයක්ද සමඟයි.

නිල වශයෙන් යුරෝ මුදල් ඒකකය රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවලට පිවිසෙන්නේ 1999 ජනවාරි 1 වන දිනයි. පළමු වසර තුන තුළ, “නොපෙනෙන” මුදල් ඒකකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ගිණුම්කරණ සහ විද්‍යුත් ගෙවීම් ඇතුළු යුරෝපා සංගමයේ රටවල් අතර කෙරෙන අභ්‍යන්තර ගනුදෙනු වල පමණක් භාවිතා කරන අතර ජනතාව හමුවට කාසි සහ මුදල් නෝට්ටු 2002 ජනවාරි 1 වන දින යුරෝපා සංගමයේ රටවල් 12 ක සංසරණයට නිල වශයෙන් ඇතුල් වෙනවා.

“යුරෝ” යන නම 1995 දී මැඩ්රිඩ් යුරෝපීය කවුන්සිලය විසින් තෝරා ගන්නා ලද්දකි . යුරෝ සංකේතය (€) ග්‍රීක අකුර එප්සිලෝන් (Є) මගින් ආභාෂය ලබා ඇති අතර “යුරෝපය” යන වචනයේ මුල් අකුර ද නියෝජනය කරන අතර සමාන්තර තීරු දෙක ඔවුන් ස්ථාවරත්වය අදහස් කරයි. යුරෝ සඳහා වන ISO කේතය EUR වේ,

යුරෝ මුදල් හඳුන්වාදීමේදී නෝට්ටු 7 ක් සහ කාසි 8 ක් 2002 ජනවාරි මාසයේදී පොදු ජනතාවගේ පරිහරණය වෙත යොමු කර තිබුණි. වටිනාකම වැඩිම මුදල් නෝට්ටුව යුරෝ 500.00 වන අතර 200.00 නෝට්ටුව 500 ලඟට ලොකුම මුදල් නෝට්ටුවේ. නමුත් එදිනෙදා පරිහරණයේ දී මෙම නෝට්ටු දෙකම පොදු භාවිතයේ දුර්ලභය.

යුරෝ කාසිවල පොදු පැත්තක් සහ කාසි නිකුත් කළ රට නියෝජනය වන පැත්තක් ලෙස වෙන් කර තිබේ. ඒ අනුව කාසියක් දෙස බැලීමේදී එම කාසිය මුද්‍රණය කර තිබෙන්නේ කිනම් රට ද කියන එක හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙයි. යුරෝ කාසිය තුළින් සාමූහිකත්වය සහ යුරෝපා සංගමයේ රටවල් වල ස්වාධීනත්වය ද සංකේතවත් කරයි.

තව දුරටත් සමහර රටවල පැරණි ජාතික මුදල් නෝට්ටු සහ කාසි තනි යුරෝපීය මුදල් සමඟ හුවමාරු කර ගත හැකිය. ඉතාලිය 2012 පසුව ලීරා භාවිතය අවසන් කළා . ඔස්ට්‍රියාව, එස්තෝනියාව, ජර්මනිය, අයර්ලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව යන රටවල ජාතික මුදල් මහ බැංකුවක හුවමාරු කර ගැනීමේ හැකියාව පවතියි . ලක්සම්බර්ග්, ස්ලෝවේනියාව සහ ස්ලෝවැකියාවේ එය වලංගු වන්නේ මුදල් නෝට්ටු සඳහා පමණි. ස්පාඤ්ඤයේ 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කළේය .

යුරෝපා සංගමයට අයත් රටවල් තනි මුදල් ඒකකයක් යටතට පත් වීමෙන් අනතුරුව සමහර රටවල් දැවැන්ත කඩාවැටීම් වලට පත්වුණා වගේම තවත් රටවල් ආර්ථික වශයෙන් ස්ථාවරයන් පවත්වා ගැනීමට සමත් වුණා. උදාහරණයක් ලෙස ඉතාලිය යුරෝපා සංගමයේ පොදු මුදල් ඒකකයට ඇතුල් වීමෙන් අනතුරුව ආර්ථික කඩාවැටීමකට ලක් වී තිබෙනවා. එපමණක්ද නොව ලීරා අහෝසි කිරීමෙන් පසුව යුරෝ වලට මාරු වන අවස්ථාව වන විට සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවිත සඳහා අධික මිලක් ගෙවීමට සිද්ධ වෙනවා. යුරෝ මුදල් ඒකකය හඳුන්වාදීමෙන් අනතුරුව ඉතාලිය තුළ දුප්පත්කමද වැඩි විය .

 

leave a reply