යලි නැගිටින්න හදන ජාතිවාදී `පිල්ලි`

කාලයක් නිහඬව සිටි ජාතිවාදී පිල්ලි විවිධ වේශයන්ගෙන් නැවතත් හිස ඔසවමින් සිටියි. ප්‍රශ්නය වන්නේ එම පිල්ලි විසින් රටේ ඇත්ත ප්‍රශ්න තමන්ගේ දේශපාලන ව්‍යාපෘති සඳහා යොදාගෙන ඇත්ත ප්‍රශ්නය වෙනුවට වෙනත් දෙයක් දෙසට ජනතාවගේ අවධානය යොමු කිරීමයි.

විමල් විරවංශ වැනි එවැනි පිල්ලිවල දැන් නවතම මාතෘකාව වී තිබෙන්නේ ඉන්දියානු මැදිහත්වීම, පලස්තීන ප්‍රශ්නය, වංචා දුෂණ යනාදියයි .

අප රටේ නවතම විද්‍යුත් හැඳුනුම්පත සකස් කිරීමට 99%ක් ම වැඩ අවසන් කර ඒ සඳහා රුපියල් බිලියන 5.5ක් වැය කර ඇති අවස්ථාවක ඒ සියල්ලම ඉවතට දමා ඉන්දියාවේ මෝදි සතුටු කරවන්නට මෝදිගේ සමාගමට ජනතාවගේ ජීවදත්ත සියල්ලම බිල්ලට දෙන නව දත්ත කොල්ලයකට මේ ආණ්ඩුව සැරසෙන බව විමල් වීරවංශ පවසයි.

විද්‍යුත් හැඳුනුම්පත හරහා රටේ දත්ත ඉන්දියානු සමාගම් සතුවීම, රාජ්‍ය විසින් පුරවැසියන්ගේ පෞද්ගලිකතවයේ සීමාව උල්ලංඝනය කිරීම යනාදිය ගැන ප්‍රගතිශීලී ජනතාව කාලයක සිට හඬ අවදි කරමින් සිටියි.

අනෙක් කාරණය වන්නේ මෙම විද්‍යුත් හැඳුනුම්පත ගෙන එන ලද්දේ විමල් විරවංශ ඇමති ධූරයක් ද දැරූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසිනි. විමල් විරවංශ ගෝඨාභය රාජපක්ෂ සමඟ තරහ වූවේ ඔහුව හදිසියේ ඇමති ධූරයෙන් ඉවත් කිරීමනිසයි.

වංචා දූෂණ ගැන කතා කළද විශාල වංචා දූෂණ රැසක් මෙන්ම විශාල පැහැරගැනීම් සහ රජය ඝාතන ප්‍රමාණයක් සිදුවූ රාජපක්ෂ ආණ්ඩු සමයේ විමල් විරවංශ ප්‍රබල ඇමතිවරයෙක් විය.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...