කවුරු හරි කියනවද

කවුරු හරි කියනවද
අති ගැඹුරු කාල අන්ධකාරය
මැන බලන විදියක්
තියෙනවද සුදු ඇන්ඳ මිනුම් ඒකකයක්

කවුරු හරි කියනවද
බියකරු නිහඬතාවය
බර බලන විදියක්
තිබේද ඒ වෙනුවෙන්ම තරාදියක්

කවුරුහරි කියනවද
මරණීය තනිවීම
ඩෙසිබල් වලින් මනින විදියක්
තිබේද ඩිජිටල් යන්ත්‍රයක්

කවුරු හරි කියනවද
උණුසුම් ම කඳුළක
උණ බලන විදියක්
තිබේද ඔබ ලඟ එවැනි උෂ්ණත්ව මාපකයක්

කවුරු හරි කියනවද
දිග සුසුම් රැල්ලක
වේගය මනින විදියක්
අලුතෙන් සොයා ගත්තද
හුරුබුහුටි වේග මාපකයක්

කවුරු හරි කියනවද
අපි ගැන සිතන විදියක්
නිසොල්ලාසය තරම් දිග නැති
සුනරුත් අරුත් නොසොයන
කෝෂාර්ථ අවැසි නැති
කෙටිම කෙටි සිතීමක්.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...