කවුරු හරි කියනවද

කවුරු හරි කියනවද
අති ගැඹුරු කාල අන්ධකාරය
මැන බලන විදියක්
තියෙනවද සුදු ඇන්ඳ මිනුම් ඒකකයක්

කවුරු හරි කියනවද
බියකරු නිහඬතාවය
බර බලන විදියක්
තිබේද ඒ වෙනුවෙන්ම තරාදියක්

කවුරුහරි කියනවද
මරණීය තනිවීම
ඩෙසිබල් වලින් මනින විදියක්
තිබේද ඩිජිටල් යන්ත්‍රයක්

කවුරු හරි කියනවද
උණුසුම් ම කඳුළක
උණ බලන විදියක්
තිබේද ඔබ ලඟ එවැනි උෂ්ණත්ව මාපකයක්

කවුරු හරි කියනවද
දිග සුසුම් රැල්ලක
වේගය මනින විදියක්
අලුතෙන් සොයා ගත්තද
හුරුබුහුටි වේග මාපකයක්

කවුරු හරි කියනවද
අපි ගැන සිතන විදියක්
නිසොල්ලාසය තරම් දිග නැති
සුනරුත් අරුත් නොසොයන
කෝෂාර්ථ අවැසි නැති
කෙටිම කෙටි සිතීමක්.

 

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...