ආහාර මිල අහස උසට නගිද්දී උද්ධමනය 12%ත් පනියි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මස උද්ධමනය හෙවත් භාණ්ඩ මිල ඉහළ යෑම 12.1% ක් බවට පත්ව 2021 වසරේ ඉහළතම උද්ධමනය වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 2.64 ක් ලෙස ද, ආහාර සහ ආහාර නොවන අයිතමවල වෙනස පිළිවෙළින් 1.80% ක් සහ 0.84% ක් බව ද, ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරනවා.

උද්ධමනය තවදුරටත් ඉහළ යෑමට දෙසැම්බර් මස ආහාර සහ ආහාර නොවන අයිතමවල මිල ඉහළ යෑම බලපා ඇති බවත් ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මස 22.1% ක් දක්වා ද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 7.5% ක් දක්වා ද, ඉහළ ගොස් ඇති බවද මහබැංකුව නිවේදනය කරනවා.

දෙසැම්බර් මස තුළ ආහාර නොවන කාණ්ඩයට අයත් පෙට්‍රල්, ඩීසල්, කුලී රථ ගාස්තු, මත්පැන් සහ දුම්වැටි යන භාණ්ඩවල මිල ඉහළ යෑම උද්ධමනය තව දුරටත් ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් බලපෑම් කර තිබෙනවා.

උද්ධමනය අණ්ඩව ඉහළ යෑමට සැපයුම් අංශයේ සාධක බලපා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විස්තරාත්මක පැහැදිළි කිරීමක් හැකි ඉක්මණින් ඉදරිපත් කරන බවත් ශ්‍රී ලංකා වහ බැංකුව පවසනවා.

කෙසේ වෙතත් වසර අවසන් වන දෙසැම්බර් 31 වනදා යළිත් වරක් ශ්‍රී ලංකා මහබැංකුව රුපියල් ලක්ෂ 66,500 ක මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...