බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් අරක්කු බෝතල් මතුවෙන සැබෑ හේතුව ශිෂ්‍ය සංගම් හෙළිකරයි

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව සිදුවෙමින් ඇති සිදුවීම් පිටුපස පවතින සැබෑ හේතුව පනත සංශෝධනය කරමින් අධ්‍යාපනය විකිණීම බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය පවසයි. එහි කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි පැවසුවේ විශ්ව විද්‍යාලය පිහිටවීමට අදාල පනත සංශෝධනය කර බඳවා ගන්නා දේශීය භික්ෂූන් ප්‍රමාණය කප්පාදු කරමින් විදේශීය භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපනය විකුණන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සහ පරිපාලනය සූදානම් වෙන බවයි.

ගල්වැව සිරිධම්ම හිමි වැඩිදුරටත් පැවසුවේ,
“බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය කියන්නෙ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් සමඟ වැඩකරන විශ්ව විද්‍යාලයක්. මේ විශ්ව විද්‍යාලයත් රටේ ජනතාව මුහුණ දෙන පීඩනය එරෙහිව කතා කරපු විශ්ව විද්‍යාලයක්. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ආර්ථික අර්බුදයට උත්තරය ලෙස අරගෙන එන්නේ ණය ගැනීම. නැත්තම් අධ්‍යාපනය විකුණන එක තමයි එකම විසඳුම වගේ එකක්. නිදහස් අධ්‍යාපනය කියන එක යල් පැනපු එකක් කියලා අහෝසි කරපු සයිටම් අරගෙන එන්න කොතලාවල පනත්, QAAC පනත් අරගෙන එන්න පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා යනවා. මේ අතර තමයි විශ්ව විද්‍යාලවල පසුගාමී සිදුවීම්, හුදකලා සිදුවීම් අරගෙන විශ්ව විද්‍යාල ප්‍රජාවටම පහර එල්ල කරන්න උත්සාහ කරන්නේ. දූෂිත පාලකයෝ විශ්ව විද්‍යාල භික්ෂූන් වහන්සේලාගේ විනය පිළිබද කතා කරනවා. මේවා කරන්නේ විශ්ව විද්‍යාල ගොඩදාන්න නෙමෙයි.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිදුකරන නාටකය එළියට ඇවිත් තියෙනවා. විශ්ව විද්‍යාලය හොඳ තත්ත්වෙන් පවත්වාගෙන යන්න කියලා විශ්ව විද්‍යාලය වහන්න ඕනා කිව්වා. දැනට බොරු චෝදනා දාලා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ ලේකම් හිමිනම, ක්‍රියාකාරීව සිටි ශිෂ්‍යයෝ අත්අඩංගුවට අරගෙන තියෙනව් . ශිෂ්‍යන්ට දාලා තියෙන චෝදනා ඉවත් කරනවා. ඒ වෙනකම් පොඩි කාලයක් ලබාදෙන්න කියලා තමයි විශ්ව විද්‍යාල පරිපාලනය ශිෂ්‍ය සංගම්වලට පොරොන්දු වුනේ . නමුත් විශ්ව විද්‍යාලය වහන්න හේතුව සුරේන් රාඝවන් කියන කතාවලින් එලියට ඇවිත් තියෙනවා. බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය තියෙන පනත සංශෝධනය කරන්න තමයි උත්සාහ ගන්නේ. එක් සිදුවීමක් මුල්කරගෙන පනතක්ම සංශෝධනය කරන්න උත්සාහ කරනවා. නවකවදය තියෙනවනම් පනත සංශෝධනය කරලා ඒක නවත්වන්න බැහැ. පිටරටින් භික්ෂූන් ගෙන්නලා අධ්‍යාපනය විකුණන වැඩපිළිවෙලක් අරගෙන යන්න හදන්නේ. මේ පනත් සංශෝධනය කරගන්න නම් මේ ශිෂ්‍ය සංගම් නවත්වන්න ඕනා. ශිෂ්‍යන්ට අවලාද නගලා ඔවුන්ට කතා කරන්න බැරි කරන්න ඕනා. ආණ්ඩුවට සහ පරිපාලනයට අවශ්‍යවෙලා තියෙන්නේ එයයි. ”

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...