වතු කම්කරු වැටුප් ගැන රනිල්ගෙන් තවත් ප්‍රෝඩාවක්

රනිල් නැවතත් වතු සේවකයන්ගේ වැටුප 1700 කරන බවට පොරොන්දු වී තිබේ.

වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකඟ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමින්.

මේ අතර, කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා වැටුප් මණ්ඩලය කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති හඳුන්වා දෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සඳහන් කර ඇත.

පසුගියදා තම ජනාධිපතිවරණ තේමාව හඳුන්වා දෙන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ පැවසුවේ තමන් වතු සේවකයන්ට 1700 ලබාදෙන බවට පොරොන්දු නොවූ බවයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් එල්ල විය. ඒත් සමගම රනිල් දැන් සූදානම් වන්නේ නැවතත් එම වැටුප් වැඩිවීම ලබාදෙන බව පවසා ජනතාව මුලා කිරීමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...