තදියම තිබුනට මැතිවරණය තියන්න බැහැ – මැතිවරණ කොමිසම අධිකරණයට කියයි

කොරෝනා වසංගතය පවතින තත්ත්වය මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීී ඇත.

අද(20) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් සලකා බලන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ බව දැනුම් දෙනු ලැබීය .

නීතිිඥවරයා විසින් වැඩිදුර කරුණු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය අංශ වලින් වසංගත තත්වයට අදාළව යහපත් තත්වයක් වාර්තාකළ පසුව මැතිවරණයක් පැවැත්විය හැකි බවට මාර්ගෝපදේශන මාලාවක් ලැබෙන තෙක් මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සදහන් කර ඇත. ඒසේ මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් නිර්දේශය ලැබීමෙන් දින 70 ක් ඇතුලත තම කොමිසමට මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ලත හැකි බවද මැතිවරණ කොමිසම ඒම නීතිඥවරයා හරහා අධිකරණයට දන්වන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...