Breaking News

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්භාවික මරණයක් කරා යන්න ඉඩදෙයි ද? – පුබුදු ජයගොඩ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්වභාවික මරණයක් කරා යන්න ඉඩ දෙයිද කියන ප්‍රශ්ණය මතුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක කාලයක් වසා දැමීම සහ දැනට මතුව හැකි බවට අනුමාන කෙරෙන තෙල් අර්බදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.

පුබුදු ජයගොඩ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටියේ බොර තෙල් ගෙන්වීමට ඩොලර් නැතිනම් පිරිපහදු කළ තෙල් ගෙන්වීමට ඩොලර් කොහෙන්ද යන්නයි. එසේම බොරතෙල් පිරිපහදු කිරීම හරහා ඉතුරුවන භූමිතෙල්, දැවී තෙල්, කළු තෙල් වැනි දේ හරහාද රජයට ආදායම් ලැබුණු බැවින් බොරතෙල් ගෙන්වීම පාඩු සහගත බව කීම බොරුවක් බවද ඔහු පවසයි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“මැයි මාසේ විසි පස්වෙනිදා කැබිනට් මාධ්‍ය හමුවේ දී ඛනිජ තෙල් පිළිබඳ ඇමැති උදය ගම්මන්පිල කිව්වා. ලංකාවේ විශාල තෙල් පිරිපහදුවක් ආරම්භ කරනවා කියලා. ඒක ලංකාවේ විශාලතම තෙල් පිරිපහදුව කියලා කිව්වා. බැරල් ලක්ෂයක ධාරිතාවක් සහිත තෙල් පිරිපහදුවක් කියලා කිව්වා. ඩොලර් මිලියන තුන්දාහක ආයෝජනයක් එනවා කිව්ව ඒ තෙල් පිරිපහදුව හදන්න.

ඒ ආයෝජනය සඳහා ඇමරිකානු සමාගමක් සහ සිනොපෙක් කියන චීන සමාගම ඉදිරිපත් වෙලා තියෙනවා කියලා එක එක ආරංචි ගියා.
ඇමරිකානු සමාගමට මේක හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ආරම්භ කිරීම සඳහා අවසර දීලා තියෙනවා කියලා ආරංචියක් ගියා.
සිනොපෙක් කි යන සමාගමට සපුගස්කන්දෙම තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්න දෙනවා කියලා පත්තරවල ගියා. එදා උදයගම්මන්පිල මොකද කිව්වේ. මේකේ ධාරිතාව මදි සපුගස්කන්දේ ධාරිතාව ඉහළ නංවන්න ඕනේ. බැරල් තිස් අටදාහයි ධාරිතාව. බැරල් 45,000ට ඉහළ නංවන්න ඕනේ . ඒක කරන්න නම් අලුතෙන් පිරිපහදුවක් හදන්න ඕනේ. අලුතෙන් පිරිපහදුවක් හදන්න රජයට සල්ලි නැති නිසා විදේශ ආයෝජකයෙක් ගෙන්න ගන්න ඕනේ. ඕක තමයි කියපු කතාව

හැබැයි ඒකට පවතින නීතිය බාධාකාරී. 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත ට අනුව ලංකාවට ඛනිජ තෙල් ආනයන බොරතෙල් ආනයනය කරොත් ඒවා පිරිපහදුව ගබඩා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධව පූර්ණ ඒකාධිකාරිය තියෙන්නෙ රජයට. ඒ නිසා මේ අය උත්සාහ කළා පනත වෙනස් කරන්න.

දෙසැම්බර් මාසේ ඉවර වෙනකොට පොහොර නාඩගම නිසා ලංකාවේ ආහාර හිඟය කුත් ඇවිල්ලා ලංකාවේ විදුලි බලයත් දවසට පැය ගණනාවක් කපන්න වෙලා, අවසානයේදී ලංකාවේ තියෙන ඩොලර් ටිකත් එළියට ඇදිලා ගිහිල්ලා වාහනයක් දුවා ගන්න පෙට්‍රල් ඩීසල් නැති ප්‍රශ්නයකට ගොදුරු වෙන්න ඉඩ තියෙනවා. බංකොලොත් වීමේ අවදානමකට ලබන අවුරුද්ද වෙද්දී යන්න ඉඩ තියෙනවා.”

 

 

leave a reply