Breaking News

පොල්තෙල් ගැන බොරු සමාජගත කිරීමට එරෙහිවත් පරීක්ෂණයක් කළ යුතුයි – නාමල් රාජපක්ෂ

මේ පොල්තෙල් නිෂ්පාදනයට විරුද්ධව බොරු සමාජ ගතකිරීමට උත්සාහ කරන බලවේගයක් සිටීද යන්න ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු පැවසුවේ විජාතික බලවේග දේශීය නිෂ්පාදන නැවත්වීමට කටයුතු කරන බවයි. දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන මෙවැනි කාලයක එවැනි බලවේග ක්‍රියාත්මක වෙනවද කියන එකත් සෙවිය යුතු බව නාමල් රාජපක්ෂ පවසයි.

එහිදී මාධ්‍යවේදීන් පවසා සිටියේ චෝදනා එල්ල වී ඇති මෙම පොල්තෙල් තොගය දේශීය නිෂ්පාදනයක් නොව විදේශයකින් ආනයනය කරන ලද්දක් බවයි.

“පොල්තෙල් සම්බන්ධයෙන් අද නෙමෙයි. එදා ඉදන් නොයෙක් මති මතාන්තර සමාජගතකරන්න උත්සාහ කරා. එක නිසා මේවා සමජගතකරන්නේ කවුද යන්න ගැනත් පරීක්ෂණයක් කරන්න ඕනා.

මාධ්‍යවේදීන් : ඔබතුමා කියන්නෙ මේ චෝදනා බොරුවක් කියලද?

නාමල් රාජපක්ෂ : චෝදනාවක් නම් පරීක්ෂණ කරන්න ඕනා. ඒක දේශපාලනීයකරණය කරන්න බැහැ. මේකෙන් වාසි ලබාගන්න උත්සාහ කරනවානම් ඒකෙන් අසාධාරණයට ලක් වෙන්නෙ මේ රටේ මහජනතාව.

මාධ්‍යවේදීන් : ප්‍රමිති ආයතනයේ නුෂාඩ් පෙරේරා මේකට අනුමැතිය දීලා තියෙනවා නේද?

නාමල් රාජපක්ෂ : එවැනි සහතිකයක් දීලා තියෙනවනම්, සෞඛ්‍යට හොඳ නෑ කියලා පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවනම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා. නීතිය ක්‍රියාත්මක කරන්න මේ වෙනකොට උපදෙස් දීලා තියෙන්නෙ.

මාධ්‍යවේදීන් : නමුත් චෝදනාවක් තියෙනවා නුෂාඩ් පෙරේරාව ආරක්ෂා කරනවා කියලා?

නාමල් රාජපක්ෂ : කිසි ඩීල් එකක් නැහැ. අපේ ඩීල් එක තියෙන්නෙ මේ රටේ ජනතාව සමඟ පමණයි. අපේ ආණ්ඩුව තුළ යම්කිසි වරදක් වෙලා තියෙනවනම් පවත්නා නීතියට අනුව කටයුතු කරනවා. හැබැයි එක එක්කෙනාගේ වුවමනාව මත පරීක්ෂණ කරන්නවත් චෝදනා නගන්නවත් සූදානම් නැහැ.

leave a reply