අද තවත් දැවැන්තයකුගේ සමුගැනීමක්

Date:

අදත් හැමදාම වගේ අලි මරණයක් ලංකාවේ කොහේ හෝ සිදු වෙනවා.මේ අද හේරත්ගම ප්‍රදේශයේ හක්ක පටස් ආහාරයට ගෙන භූමියෙන් තුරන්ව යන තවත් දෛනික දැවැන්තයෙක්.

පසුගිය වසර දෙක පුරා එක දිගටම එසේ සිදු වුනා. මේ රජය බලයට පත්ව ඉතිහාසයේ දැවැන්තම වනාන්තර සංහාරයට දායකත්වයක් සපයන්නේ වනාන්තර හෙක්ටයාර ලක්ෂ 7ක ආරක්ෂාව වනජීවී සහ වන සංරක්ෂණයෙන් ඉවත් කරමින් ඉඩම් ලෙස බෙදා දීමට දිස්ත්‍රික් ලේඛම් වරුන්ට බලය පවරමින්. ඒ තත්වය මත අනාගතයේ දෛනික මරණ දෙකද ඉකමවා යාමේ ඉඩ මතු වේවි.

කොහොම වුවත් වර්තමාන දළ මරණ අනුපාතය අනුව 2030න් පසු ලංකා භූමියෙන් අලි සදහටම වඳ වී යාම සිදුවේවි.

මේ රජය මීට මාස කිහිපයකට පෙර චක්‍ර ලේඛන අවලංගු කරමින් බෙදා දීමට තීන්දු කල අවශේෂ කියා නම් කල වනාන්තර තමා බොහොමයක් වනෝද්‍යාන යා කරමින් සංචරණය සිදු කරන වන අලින්ගේ මංකඩ සහ දිවා සුරැකුම් නවාතැන් වෙලා තිබුනේ. අලියෙක් ස්වාභාවිකවම දිනකට කිලෝමීටර 60ක සාමාන්‍ය දුරක් විවිධ ආහාර සොයා අවිදිනිවා. ඒ අතර ජලය යනු ඔවුන්ගේ මුලික අවශ්‍යතාවයක්. අලියෙක්ගේ ස්වභාවික සංචරණය සීමා කරන්න බෑ කොටු කරලා. එහෙම නම් අලියාගේ DNA වෙනස් කරන්න වෙනවා. මෝඩ මැති ඇමති වරුන්ගේ සිට ජනාධිපති දක්වා කට කැඩෙන කම් කීවත් ඔබලාගේ අනාගතයට අයත් උරුම ගැන ඔවුන්ට තැකීමක් නෑ . දැන් ඔවුන්ගේ ඉලක්කය 2025 ජනාධිපතිවරණය. ඒ සදහා පළාත් සභා දිනා ගත යුතුය්. බලය කියන්නේ කෑදර කමක්. මේ රටේ වනජිවියේ අගය මිනිසුන්ට තේරෙන කොට පමා වී අවසානය්.
පමාවට පෙර !

 

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...